නවතම පුවත්

නවසීලන්තයේ නිරෝධානය මධ්‍යස්ථානවලට අමතර හමුදා කණ්ඩායම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කණ්ඩාවම් කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.

ඒ අනුව තවත් හමුදා භටයන් 500ක් මෙම නිරෝධායන මධ්‍යස්ථාන වල පහසුකම් කළමනාකරණ කටයුතු සඳහා යොමුකර ඇත. මේ සමගම නවසීලන්තයේ නව කොරෝනා වෛසරය මැඬපැවැත්වීම වෙනුවෙන් මේ වනවිට හමුදා භටයන් 1,200ක් මුදාහැර ඇති බවද සඳහන් වෙයි.

මීට පෙර ඔස්ට්‍රේලියාවද මේ ආකාරයෙන්ම නව කොරෝනා වෛරසය පාලනය සඳහා හමුදාවේ සහාය ලබාගත් අතර, තවත් රාජ්‍යයන් කිහිපයක්ම ඒ වෙනුවෙන් දැන් හමුදාවේ සහාය බලාපොරොත්තු වන්නේ, ඒ තුළ ‘මිලිටරිකරණය’ වීමක් සිදුවන්නේ යැයි පැවසෙන අදහස අබමල් රේණුවකට මායිම් නොකරමිනි.

කෙසේ වෙතත් මේ වනවිට නවසීලන්තයේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බවත්, එය දිරිගන්වනසුලු වන අතර, ප්‍රජා සම්ප්‍රේෂණ වැඩිවීමක් නොපෙනෙන බවත් අගමැතිනිය කියා සිටියාය.

“වෛරසයේ පරිමිතිය ඉතා දරුණු ලෙස ප්‍රසාරණය නොවන අතර පළමු රැල්ලේදී ආසාදිතයන් ඉස්මතු වූ ආකාරයෙන් දිනපතා ආසාදන දෙගුණ කිරීම වැනි අවදානම් පසුගිය සතිය තුළ සිදුවී නැහැ. මේ දක්වා අපගේ සැලසුම වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා” අගමැති ජසින්ඩා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්