නවතම පුවත්

කුඩු ජාවාරම් කොට ඉන්දියාවට පැන්න පොලිස් නිලධාරියා ගේන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

අසංක

අසංක

සපුගස්කන්ද ප්‍රදේශයේ හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී බෝට්ටුවේ නැගී ඉන්දියාවට පලාගොස් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියා මෙරටට රැගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් මේ වනවිට සිදුවෙමින් තිබේ.

මෙම පොලිස් නිලධාරියා බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගොස් ඇත්තේ පෙරේදා රාත්‍රි කාලයේදීය.

ධීවර වෙස් ගත් පොලිස් නිලධාරියා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන එරට පොලීසියට බාරදී තිබේ.

මොහුට එරටින් පලායම සඳහා පොලීසිය තුළම තවත් නිලධාරීන් පිරිසක් ජාවරමට සම්බන්ධ බවට විමර්ශකයන්ට සැක මතුව ඇත.

සැකකරු මත්කුඩු රඳවාගැනීම සහ ප්‍රවාහනයට සිදුකර ඇතැයි හෙළිවී ඇත.

සපුගස්කන්ද ප්‍රදේශයේ වඩු මඩුවක් තුළ බෆල් දෙකක් තුළ මෙම හෙරොයින් මත්කුඩු කිලෝ 23 සඟවා තිබුණේ පොලිස් කොස්තාපල්වරයාගේ සොයුරාගේ වඩුමඩුවේය. සිද්ධිය සම්බන්ධයෙන් සොයුරා අත්අඩංගුවට ගෙන සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්