නවතම පුවත්

නීති විරෝධී දේපල ගැන හොයන්න පොලීසියට වෙනම ඒකකයක්

අසංක

අසංක

නීති විරෝධී දේපල විමර්ශන කොට්ඨාශය නමින් විශේෂ පොලිස් විමර්ශන කොට්ඨාසයක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.

පාතාලයේ හා මත්කුඩු ජාවාරම්කරුවන්ගේ විරෝධීව උපයාගත් දේපොළ සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වෙන කටයුතු එම කොට්ඨාශයට පැවරෙනු ඇත.

ඊට අදාළ පොලිස් ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් වීමට නියමිතය.

එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ඊයේ සිට පත්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ එම කොට්ඨාශය ක්‍රියාත්මක වන බව පොලිස් මුලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ඉදිරියේ දී තවත් මෙවැනිම විශේෂ පොලිස් කොට්ඨාශ කීපයක් ස්ථාපනයට නියමිත බවද පොලිස් මූලස්ථාන තොරතුරු වැඩිදුරටත් ‘ද කලම්බු එක්ස්ප්‍රස්’ වෙත අනාවරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්