නවතම පුවත්

මෛත්‍රී කොමිසමට ආවේ මාධ්‍ය නිවේදනය නිසා!

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දීම පිළිබඳව නැරඹීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය දෙකක පමණ කාලයක් එහි රැදී සිට පිටව ගොස් තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා එම කොමිසම පැවත්වෙන ස්ථානයේ පසුපස පුටුවක වාඩි වී එහි සාක්ෂි විභාගයට සවන් දෙමින් සිට නැගිට ගොස් ඇත.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මතභේදයට තුඩු දෙන කරුණු ඉදිරිපත් කර තිබුණි.

හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පෞද්ගලික ලේකම්වරයා හරහා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළේය.

මෙම නිවේදනය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතීඥවරයා කොමිසමෙන් විමසුවේ කොමිසමේ දී ඉදිරිපත් වන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදන නිකුත් කිරීම සුදුසුද යන්නය.

කොමිසම විසින් මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥවරයාගෙන් විමසා සිටියේය. එහිදී ඔහු පවසා ඇත්තේ මේ පිළිබඳව තමා දැනුවත් කර නොමැති බවය.

මේ අනුව අද දිනයේ මේ සම්බන්ධයෙන් දැන කරුණු කොමිසම හමුවේ වාර්තා කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයාට නියෝග කර තිබුණි.

මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොමිසම සභාව තුළ රැඳී සිටි අවස්ථාවේ මාධ්‍ය නිවේදනය පිළිබඳ විමසීමක් සිදු නොවූ බැවින් හිටපු ජනාධිපතිවරයා පිටව ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්