නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රදේශ 4ක් අද නිදහස්
 27ක් තවදුරටත් ලොක්ඩවුන්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා අද (23) උදෑසන 5 සිට ඉවත් කෙරේ.
ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලා තත්ත්වය  පවතින බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා වේ.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා අද (23) උදෑසන ඉවත් කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,
“දැනට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශ අතරින්, ප්‍රදේශ 4ක් බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම් හතරේ හුදකලාභාවයන් ඉවත් වෙනවා. ඒ වුනත් මේ වන විටත් හුදකලා කර තිබෙන  මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ්පාස්, බ්ලුමෙන්ඩල්, කොටහේන, වරාය ප්‍රදේශය, ආදිරිප්පු වීදිය, ඩ්‍රෑම් ස්රිට්, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම්වල හුදකලාභාවය ඉවත් කරන්නේ නෑ. පොලිස් වසම් 17ක් තිබුණා. එයින් 4ක පමණයි ඉවත් වෙන්නේ. ඊට අමතරව කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද කියන ග්‍රාමසේවා වසමත්, බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමත් තවදුරටත් හුදකලා තැබෙනවා.“
ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ
මීගමුව
වත්තල
පෑලියගොඩ
රාගම
කැලණිය
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ඊයේ සිට හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම්,
බෝගහවත්ත
බමුණුමුල්ල (මුස්ලිම්) ප්‍රදේශය
කිරිමන්තුඩාව
කෝරාවල
අටලුගම බටහිර
බමුණුමුල්ල
ගලගහමණ්ඩිය
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්