මෙරට කොරෝනා මරණ 87ක්
ආසාදිතයින් 20000ත් පනී
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන ඊයේ (22) වනවිට 87ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් කොවිඩ් මරණ 4ක් ඊයේ දින වාර්තා වීමත් සමඟයි.
එමෙන්ම ඊයේ වවනවිට මෙරටින් හමුවූ ආසාදිතයින් ගණන ද 20000ක් ඉක්මවීය. එම සංඛ්‍යා 20171ක් ලෙස සටහන් විය.
ඊයේ වාර්තා වූ මියගිය පුද්ගලයන් මෙසේය.
01. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනවිට මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 21 වනදාය. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
02. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 20 වනදාය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහළු රෝගයක් කොවිඩ් හේතුවෙන් උත්සන්න වීමය.
03. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 21 වනදාය. මරණයට හේතුව කොවිඩ් -19 සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි .
04. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ සිට IDH රෝහල වෙත ඒවා ඇත. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී නොවැම්බර 22 දින මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි.