නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අරලියගහ මන්දිරය වසා දමා නෑ
ප්‍රචාර බොරු
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩි -19 වසංගතය හමුවේ අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයක් බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරන බවට නිවේදනය මගින් තහවුරු කර ඇත.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට ජාතික පුවත්පතක පළ වී ඇති පුවත සාවද්‍ය මෙන්ම පදනම් විරහිත පුවතක් වන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද නිවේදනයේ දැක්වේ.
කොවිඩ්-19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්මල අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අන් රාජ්‍ය ආයතන, අමාත්‍යංශවල මෙන් සේවයට අත්‍යවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණි.
එසේම බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ‍පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බවද එම නිවේදනය මගින් තහවුරු කරයි.
කොවිඩ් ආසාධිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතු වල නියැළී සිටින බවද අවාධාරණය කරන බව එම නිවේදනයේ දැක්වේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි