මධ්‍යම අධිවේගයේ
මූල්‍ය අක්‍රමිකතා රැසක්
කෝප් කමිටුවේදී එළියට
පැතුම් වික්‍රමරත්න
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී ,මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී මේ වනවිට අනාවරණය වී ඇත.
මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලිය 8ක මූල්‍ය අලාභයක් සිදුව ඇති බව එහිදී අනාවරණය වී ඇත.
ශක්‍යතා අධ්‍යයනය සඳහා සමාගම තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර 2012 දී උතුරු අධිවේගී මාර්ගය ලෙස පියවර 3 ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස පියවර 4 ක් යටතේ වෙනස් වී තිබේ.
මෙලෙස මුල් ව්‍යාපෘතිය වෙනස් වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරනු ලැබීය.