නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ව්‍යවස්ථාවටත් පිටින්
තමන් වැඩකළ හැටි
හිටපු ජනපති
පාස්කු කොමිසමට කියයි
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වැනි නෛතික ලියකියවිලි තුළ කුමක් සඳහන් වුවද, ප්‍රයෝගිකව ඇතිවන ගැටළුවලදී ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි කටයුතු කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු කොමිසමට ඊයේ (24) සාක්ෂි දෙමින් පවසා තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ හත්වන දිනටත් එම කොමිසමට සාක්ෂි ලබාදෙමිනි.
 2018 වර්ෂයේ ඔක්තෝබර් මස එවකට සිටි ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම තමන්ට එලෙස කටයුතු කිරීමට සිදුවු එක් අවස්ථාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
මෙහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
“මහජන ආරක්ෂක පණතේ 5 වගන්තිය ප්‍රකාරව ජාතික ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිළිව සඳහන් වෙනවා. ජාතික ආරක්ෂක කවුන්සලයට එහි නිත්‍ය සමාජිකයින් අනිවාර්යයෙන්ම කැඳවිය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් ඔබතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙකු වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධානවලට පටහැනිව සිදුකළ ක්‍රියාවක් නේදැයි,” ජනාධිපති නීතිඥවරයා එහිදී විමසීමක් කළේය.
“ගැසට් නිවේදනවල සහ නීතිපොත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රයෝගිකව මට ප්‍රශ්නයක් ඇති වුණාම මට විශ්වාසවන්ත නැත්නම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ,” යැයි හිටපු ජනාධිපතිවරයා කීය.
“හරි එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහේ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙන්ද ලබාදීලා තියෙන්නේ කියාලා,” යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.
“ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්තම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙමේ, මම අගමැතිවරයාවත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරකුත් නෙමේ, මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා මට විශ්වාස නැති නිසා,” යැයි හිටපු ජනාධිපතිවරයා එවර කියා සිටියේය.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
“ඔබතුමා එහෙම ඕන ඕන විදිහට අස් කළාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළානේ එක නීති විරෝධි කියලා. ඔබතුමා එක දන්නවානේ. ඔබතුමා ඔය කියන්න හදන්නේ රටේ ප්‍රධානියා වූ පමණින් ජනාධිපතිවරයෙකුට රටේ උත්තරීතර නීතිය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදනවගේ නෛතික රාමුව අභිභවා කටයුතු කරන්න හැකි කියලද?”
එහිදී මද සිනාහවක් සමගින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු දුනි,
“නැහැ මම එහෙම්මම කියන්නේ නැහැ. නමුත් නීතියේ නැති පාලනය ගෙන යාහැකි ක්‍රම රාජ්‍ය පාලනයේ තියෙනවා. ඔය ඉන්දියාවේ කෞටිල්‍ය වගේ අය කියලා තියෙනවා රාජ්‍ය පාලනයේදි විශ්වාසවන්තම කෙනාව ළඟින් තියාගන්න කියලා.”
“ඔබතුමා එහෙම කිව්වට ඔය කියන කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේම තියෙනවා රාජ්‍ය නායකයා වුනත් නීතියට අනුව රට පාලනය කරන්න ඕනේ කියලා,” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
“නීතියේ එහෙම තිබ්බට රාජ්‍ය පාලනයේ දී උපායශීලිව අවස්ථාවාදිව වැඩ කරන්න ඕනේ,” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්