නිවාර් කුණාටුව
අද තවත් දරුණු වෙයි
පැතුම් වික්‍රමරත්න
‘නිවාර්’ නම් ප‍්‍රබල සුළි කුණාටුව මේ වනවිට ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති අතර මෙය අද (25) දිනය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
ඒ අනුව උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී
ඊයේ උදෑසන 10.30 වනවිට මෙම කුනාටුව කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325 ක් දුරින් මුහුදු ප‍්‍රදේශයේ ස්ථානගතව පැවතුනු බවත් ඊයේ පස්වරු 05.30 වනවිට එය කන්කන්තුරයට කිලෝ මීටර් 263 ක් දුරින්ද, හෙට අලූයම 05.30 වනවිට කිලෝ මීටර් 168 ක් දුරින් ද, ස්ථානගතව පවතිනු ඇති බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.