නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

LPL අද ඇරඹෙයි

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20ක්‍රිකට් තරගාවලියේසමාරම්භය අද සවසසූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩාවම් 05 ක් මෙවර තරග වදින අතර විදේශිය ක්‍රීඩකයන් රැසක් ද මේ සදහා එක්වේ.

LPL (එල්.පී.එල්.) ශූරතාව සඳහා ඇමෙරිකානු ඩොලර්80,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 144 ක (රුපියල් කෝටි1.5 කට ආසන්න) මුදලක් පිරිනැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. තරගාවලියේ අනු ශූරයන්ට ඩොලර් 50,000 ක් හෙවත් ලක්‍ෂ 90 කට ආසන්න මුදලක්පිරිනැමීමට නියමිතය.

මෙම ත්‍යාග මුදල පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා පැවසුවේ මෙය තරගාවලිය සංවිධානයකරන විට ත්‍යාග මුදල් ලෙස වෙන්කළ ගනණක් බවයි.

“මෙම ත්‍යාගය අපි තරගාවලිය ආරම්භ කරන විට වෙන්කළ මුදල් ප්‍රමාණයයි. ඇතැම් විට මෙම ත්‍යාග මුදල වෙනස් වෙන්නත් පුළුවන්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්‍ෂ 13 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 2340 ක් (රුපියල් කෝටි23) වෙන්කර ඇති අතර එම මුදලට මෙම ඩොලර් 130,000ද ඇතුළත් වේ.  මෙම තරගාවලිය සඳහා මේ වනවිට ප්‍රධාන අනුග්‍රාහකයකු ලැබී ඇති අතර තරගාවලි සංවිධායක අයිතිය හිමිසමාගමෙන් ඩොලර් ලක්‍ෂ17.75 කට අධික මුදලක්   (රුපියල් කෝටි 30 කට අධික)ලැබීමට නියමිතය.

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස16 වැනිදා රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේපැවැත්වීමට නියමිතය. එදින රාත්‍රී ජයසංකේත ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍යමහින්ද රාජපක්‍ෂ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වන විට සැළසුම් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්