නවතම පුවත්

මහර බන්ධනාගාරයේ තත්ත්වය තවත් උග්‍ර වෙයි – 4 ක් මරුට 24ක් තුවාල

අසංක

අසංක

මහර බන්ධනාගාරය තුළ ඇතිවුණු ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවූවන් 4 දෙනකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

රැඳවූවන් විසින් නිලධාරීන් පිරිසක් සිරකරගෙන ඇති බවට ද වාර්තා වේ.

අද එහි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදී සිදු වූ වෙඩි තැබීමකින් එක් රැඳවූවකු ජීවිතක්ෂයට පත් වී සිව් දෙනෙක් තුවාල ලැබීමෙන් පසුව එම තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කාර්ය පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් වලට හැකි විය.

එහෙත් පස්වරු 5 ට පමණ එහි රැඳවූවන් යළිත් කලහකාරී ලෙස හැසිරෙමින් බල කර තිබුණේ ඇප දිය හැකි සියලුම ඇප වූවන් වහා ඇප ලබාදී නිදහස් කරන ලෙසයි.

එහිදී ඔවුන් තව සිරමැදිරි කඩා බිද දමමින් එළියට පැමිණීම නිසා එහි උණුසුම් තත්ත්වයක් හටගත් අතර ගින්නක් ද මතු විය.

මෙම අර්බුදයට හේතු වී ඇත්තේ ඊයේ එහි වැඩි දෙනකු PCR පරීක්ෂණවලට ලක් කොට අද එහි වාර්තා පැමිණීමත් සමඟ සිය දෙනෙකුට අධික පිරිසක් ආසාදිතයන් බවට තහවුරු වීමයි.

ඉන්පසුව ඇප දිය හැකි රැඳවූවන් වහා නිදහස් කරන ලෙසත් එක් ව තබා ඇති එම සිරකරුවන්ගෙන් ඇප ලබාදී නිදහස් කළ හැකි අය වෙන්කර තබන ලෙසත් ඔවුන් බල කර ඇත.

රැඳවූවන් පැන යාමටත් දේපළ හානි කරමින් කලහකාරී ලෙස හැසිරීමටත් දිගින් දිගටම කටයුතු කර ඇති බව වාර්තා විය.

අද මහර බන්ධනාගාරයේ ඇති වූ තත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකා කණ්ඩායම් කිහිපයක් ඒ වෙත යවා තිබුණි.

මෙම තත්වය හමුවේ මහර බන්ධනාගාරය තුළ දැඩි ලෙස දේපළ හානි සිදුව ඇති බවට ද වාර්තා වී ඇත.

ඒ අනුව වහාම එහි රැඳවූවන් සියල්ලෝ හිස්ව තිබෙන වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මාරු කිරීමට කටයුතු කිරීමට නියමිතය.

මෙම තත්ත්වයත් සමඟ දිවයින පුරා සියලුම බන්ධනාගාරවල බන්ධනාගාර වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

අද පස්වරුවේ ඇතිව තිබූ තත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එහි ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

“බන්ධනාගාරයේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා රාගම පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 5ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා. එමෙන්ම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීමට එම පිරිස යොමු කරනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්