නවතම පුවත්

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් පරණ ඩියුටියට මාරු කෙරේ

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පත්කල ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන නිලධාරීන් ඔවුන් මුලින් සේවය කළ ස්ථානවලට මේ වනවිට අනුයුක්ත කරමින් තිබේ.

ඒ අනුව අද වන විට එහි සේවය කළ පොලිස් නිලධාරීන්ගෙන් 50%ක් පමණ මුල් සේවා ස්ථානවලට නැවත යවා ඇති බව කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පවසයි.

ඊට හේතු වී ඇත්තේ මෙම මස 31 වැනිදා වන විට කොමිසමේ සේවා කාලය අවසන් වන බැවිනි.

දෙසැම්බර් 31 වැනිදාට එම කොමිසමේ නිල කාලය අවසන් වීමට තිබුණ ද ජනවාරි 31 දක්වා ජනාධිපතිවරයා විසින් එය දීර්ඝ කරන ලදී .

එම කොමිසමේ නිල කාලය යළි දීර්ඝ නොකරන බව මේ වන විට දැනුම්දී ඇති බැවින් කොමිසමේ සාමාජිකයන් විසින් ඉදිරියේදී අත්‍යවශ්‍යම සාක්ෂි කිහිපයක් පමණක් හැරුණුකොට සාක්ෂි විමසීම මේ වන විට නවතා දමා තිබේ.

කොමිසමේ සාමාජිකයන් මේ වන විට කොමිෂන් සභාව සභා අවසන් වාර්තාව සකස් කරමින් සිටින බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සහරාන් හෂීම්ගේ න් පසු එම අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ නායකත්වය දරන බව කියන නවුෆර් මවුලවිවරයා සහ තවත් එක් පුද්ගලයෙකුගෙන් පමණක් සාක්ෂි විමසීමට නියමිත බවද වාර්තා වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්