නවතම පුවත්

රට පුරා ඇවිදින්න කැබූ ටැක්සි ළඟදිම

අසංක

අසංක

Taxi ලොවේ පෙරළියක් ඇති කරමින් පාරිභෝගික ජනතාවට මෙන්ම වාහන හිමියන්ටද ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් සියලුම ප්‍රවාහන ගැටලුවලට විසදුම් ලබාදෙන Caboo (කැබූ) Taxi සේවාව ළගදීම එළිදැක්වීමට නියමිතය.
දැනට ලංකාවේ සේවා සපයන ටැක්සි සේවාවන් කොළඹ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අතර කොළඹින් පිට නගරවලදී සේවා සපයන්නේ නැති නමුත් Caboo (කැබූ) Taxi සේවාව එක්වරම දීප ව්‍යාප්තවම ක්‍රියාත්මක වෙයි. තමන්ගේ ජංගම දුරකතනයට නොමිලේම ඇප් එකක් භාගත කිරීම මගින් Caboo (කැබූ) Taxi සේවාව ලබාගැනීමේ අවස්ථාව ඕනෑම අයෙක්ට උදාවේ.
Caboo (කැබූ) Taxi සේවාව ජනතාව හමුවට පැමිණෙන්නේ සහනදායී ගාස්තු ක්‍රම රැසක් රැගෙනය. සැගවුන ගාස්තු කිසිවක් නොමැති මෙය සාමාන්‍ය කැබ් සේවාවකට වඩා අඩු ගාස්තු ක්‍රමයක් හදුන්වා දී ඇතැයි Caboo Holdings හි කළමනාකාර අධ්‍යක්ෂ රොශාන් හාසිම් මහතා පැවසුවේය.
“සාමාන්‍ය ටැක්සි සේවාවක සේවය ලබාගන්නා පුද්ගලයින්ට එකම ගාස්තු ක්‍රමයක් හදුන්වා දෙන්නේ නෑ. ඒත් අපි වෙනස්. අපි ඕනෑම වෙලාවකදී, ඕනෑම තැනකදී එකම ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම ලංකාවේ ඕනෑම තැනකදී Caboo (කැබූ) Taxi සේවාව ලබාගැනීමට අපේ පාරිභෝගික ජනතාවට අවස්ථාව උදාවෙනවා. උදාහරණයක් විදියට කොළඹදී ලබාගත හැකි සේවාව ගාල්ලේදී වගේම අම්පාරේදීත් ලබාගැනීමට හැකියි“ රොශාන් හාසිම් මහතා සදහන් කළේය.
Caboo (කැබූ) Taxi සේවාව වැඩියෙන් භාවිතා කරන පාරිභෝගිකයින්ට වැඩියෙන් සහන ලබාදීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මකය. පාරිභෝගිකයා ගමන් ගන්නා සෑම කිලෝමීටරයකටම බෝනස් මුදලක් ඔහුගේ ගිණුමට බැරවේ. ඒ අනුව නිතරම කැබ් සේවාව භාවිතා කරන පාරිභෝගිකයින්ට වැඩියෙන් සහන ලබාගත හැකිය.
Caboo (කැබූ) Taxi සේවාව සමග ත්‍රිරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා සියලු වාහන එක්ව සිටින නිසා තමන්ගේ අවශ්‍යතාව අනුව ඕනෑම වාහනයක් තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදාවේ.
ඒ අතරම තමන්ගේ වාහනය Caboo (කැබූ) Taxi සේවාවට යොමු කරන වාහන හිමියන් සදහාද ප්‍රතිලාභ රැසක් උදාවේ.
“වාහන හිමියන්ගෙන් අපි කිසිම මුදලක් අය කරගන්නේ නැතිව තමයි කැබ් සේවය සම එක් කරගන්නේ. මුදලක් ලබාගන්නේ නැතිවා පමණක් නොවෙයි අපි මුලින්ම ඔවුන්ට මුදලක් ලබාදෙනවා. ණය නැති කැබ් හිමියෙක් බිහි කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ වගේම තමයි වාහන හිමියා සූරාකන ක්‍රමවේදයෙන් බැහැරව තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපිත් සමග එකතුවෙන කැබ් හිමියන්ට වාසි රැසක් ලැබෙනවා. ඒ වගේම වෙනත් රැකියාවක් කරන අතරවාරයේදී වුවත් Caboo (කැබූ) Taxi සේවාව සමග එක්වීමට වාහන හිමියන්ට අවස්ථාව ලැබෙනවා“ රොශාන් හාසිම් මහතා කීවේය.
Caboo (කැබූ) Taxi සේවාව ලංකාවේ එළිදැක්වීමට සමගාමීව නේපාලයේද එළිදැක්වීමට නියමිතය. සම්පූර්ණයෙන්ම දේශීය සමාගමක් වන Caboo Holdings ආයතනය ඉදිරියේදී ලෝකයේ තවත් රටවල ව්‍යාප්ත කිරීමට අදහස් කරගෙන සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්