නවතම පුවත්

ඉන්දීය ජනරජ දිනය මෙරටදීත් සැමරේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ජනරජ දිනය , මෙරට ඉන්දීය මහ කොමසාරිස්  නිල නිවසේදී අද දින  උත්සවාකාරයෙන් සැමරිණ .

. මහ කොමසාරිස්වරයා  ජාතික ධජය එසවීමෙන් අනතුරුව ආරක්ෂක අංශ උත්තමාචාරයන් නිරීක්ෂණය කළේය. ශ්‍රී ලංකා නාවික හමුදා වාදක කණ්ඩායම මෙම අභිමානවත් අවස්ථාවේදී සුමිහිරි ඉන්දීය සංගීත කණ්ඩ ද්විත්වයක් වාදනය කළේය. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ ගුරු භවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් විචිත්‍රවත් නර්තනාංග ත්‍රිත්වයක් ඉදිරිපත් කෙරිණ. ඉන්දීය මාතාවට උපහාරයක් පිණිස ඉදිරිපත් කරන ලද නර්තානාංගයකට අමතරව කථක් සහ රාජස්ථානී ජන නර්තනයකින් ද උත්සවය අලංකාරවත් විණ. ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ජාතික දරු දැරියන්ගේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කෙරිණ.

නව ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව ලාංඡනයක් ද මෙම උත්සවයේ දී එළි දැක්විණ. එම නව ලාංඡනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන පාසල් දරු දැරියන් අතර පැවති තරඟයකින් තෝරා ගන්නා ලදී. නව ලාංඡනය තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාවය සංකේතවත් කෙරෙන අතර එය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සියලු නිල කටයුතු සඳහා යොදා ගැනෙනු ඇත.

මෙම උත්සවය කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කරමින් පැවති අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සාමාජිකයන් පමණක් ඒ සඳහා සහභාගී විය. මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය, යාපනය කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ හම්බන්තොට කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය විසින් ද මෙවැනි උත්සව සංවිධානය කර තිබිණ.

***

කොළඹ
2021 ජනවාරි 26

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!