නවතම පුවත්

උපාධිය ගන්න විභාගෙට මුහුණ දෙන 95 වියැති දිරිය මිත්තණිය

අසංක

අසංක

වයස අවුරුදු 95 සපුරද්දීත් පාලි භාෂා උපාධිය සඳහා වන විභාගයට මුහුණ දුන් මිත්තණියක් පිළිබඳ මේ පුවත දිග හැරේ.

සිය ස්වාමියාගේ වියෝවෙන් පසු කුඩා දියණියන් සිව්දෙනෙකු තනිවම උස්මහත් කරමින් සමාජයේ ඉහළ තැනකට ඔසවා තැබූ ඇය, මවක ලෙස ද මිත්තණියක ලෙසද සිය වගකීම් සියල්ල ඉටුකොට අවසානයේ ද තම ඉගෙනීම අත්නොහළ ධෛර්යය සම්පන්න කාන්තාවකි.

සමාජයට අපූරු පණිවිඩයක් මෙන්ම මහත් ආදර්ශයක් සපයන ඇය පිළිබඳ ඇයගේ මිනිබිරියක වන නීතීඥ වින්ද්‍යා රශ්මි වේරදුවගේ විසින් සමාජ ජාලයට මුදාහැරි සම්පූර්ණ සටහන පහත දැක්වේ.

මගේ ආච්චි අම්මා!
වයස අවුරුදු 95ක් වු මගේ ආච්චි අම්මා අද පාලි භාශාව සම්බන්ධයෙන් උපාධියක් සඳහා වන විභාගයක් සඳහා මුහුණ දුන්නාය.ඇගේ වයසත් එක්ක මේ දේ අහද්දි ඔබ පුදුම වනවා නොඅනුමානයි. ඒ නිසාම වෙන්න ඇති මේ පුවත කන වැකුණු විගස නාලිකා කිහිපයකින් හා පුවත්පත් කිහිපයකින් ඈ සොයාගෙන ගෙදරටම ආවේ.
නමුත් ඇගේ දහිරිය, උත්සාහය, උනන්දුව,කැපවීම පිළිබඳව මං පුදුමයට පත්වෙන පළවෙන් අවස්ථාව මෙය නොවේ. මගේ අම්මා ඈ පිළිබඳ කියන කතා හා මං ඈ තුළින් දකින චරිතය දෙස බලද්දි ඈ නම් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම වීරවිරියෙකි.

ඈ පිළිබඳ අදහසක් ගන්නට මං ඈ පිළිබඳව මෙසේ සටහන් කරන්නම්.
ඇය තරුණ කාලයේදීම ඇගේ පුංචි දියණියන් හතරදෙනාට වයස අවුරුදු 2,3,4,5 වන විට මගේ සීයා මෙලොවින් සමු ගන්නවා. එතැන් පටන් ඇය ජීවිතය ජයගත් ආකාරය හරි පුදුමාකරයි.
නගරයේ පිළිගත් ප්‍රසිද්ධ නොතාරිස්වරියක් ලෙස සේවය කළ ඇය අදටත් නම කී විට හැමෝම දන්නා චරිතයකි. දියණියන් හතරදෙනාට අම්මා හා තත්තා දෙන්නාගෙන්ම ඉටුවිය යුතුකම් තනියෙන් ඉටු කරමින් ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දී ඇති අතර ඇගේ මග පෙන්වීමේ හා කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙසට ඔවුන් අද වෛද්‍යවරියක්, මහාචාර්‍යවරියක්, ගුරුවරියක් හා නීතීඥවරියක් ලෙස සේවයේ නිරත වේ. ඈ තවත් දියණියක් හදාගත් අතර ඊට අමතරව ඈ නෑදෑ දියණියන්ද තම රැකවරණය, මග පෙන්වීම යටතේ තම නිවසේම රඳවාගෙන අධ්‍යාපනය ලබාදුන් අතර ඔවුන්ද අද රජයේ පිළිගත් රැකියවන් වල නිරත වේ.
ළමයි බලාගන්න තත්තා කෙනෙක් ඕන කියලා වෙන පිරිමියෙක් ළං කරගෙන තමන්ගේ දියණියන්ගේ අනාගතයත්, තම ස්වාමී පුරුශයා සමග එක් වී හම්බ කරගත් දේපළත් විනාශ කරගන්නට තරම් ඇය අනුවණ නොවන්නීය.
තමා රැකියාවට ගොස් එනතෙක් තම දියණියන් රැක බලාගැනීමට එක් දියණියකට එක් සේවිකාව බැගින් සේවිකාවන් හතර දෙනෙක් සේවයේ යොදවන්නට තරම් ඈ ස්වාධීනව ආර්ථීකව ශක්තිමත් කාන්තාවක් විය.
මේ පිළිබඳව මං සඳහන් කළේ ඇගේ කැපවීම, වීරත්වය පිළිබඳ ඔබට අදහසක් ලබා ගන්නට පමණි. ඇගේ වීරත්වය පිළිබඳ තව කතා ගොඩක් තියෙනවා.
ඇය ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ලිස්සලා වැටිලා උකුල් ඇටේ බිඳී බරපතල ලෙස රෝගී වී ශල්‍ය කර්මයකට මුහුණ දුන්නාය. දැඩි සත්කාර ඒක්කයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබන්නට ඇයට සිදුවිය. නමුත් ඇගේ ච්ත්ත ශක්තිය නිසාම ඇය මාස 4,5 පමණ වන විට ඇවිදින්නට පටන් ගත්තාය. ඒ අවස්ථාවේදි වෛද්‍ය දියණියක් ලෙස මගේ ලොකු අම්මා ඇගේ යුතුකම් ඉශ්ඨ කළාය. මගේ අම්මා ඇප උපස්ථාන කරමින් ඇයට මානසික ශක්තිය ලබා දුන්නාය. එදායින් පසු අද වෙනකන් මගේ අම්මා අච්චි අම්මාව බිත්තරයක් රකිනවා වගේ බලාගන්නවා. පිටරටක සිටින මගේ සුදු අම්මා, ආච්චි අම්මා වෙනුවෙන්ම සේවිකාවක් යොදවා දුර සිට ඇයට කළ හැකි යුතුකම් ඉටුකරයි. අම්මා කෙනෙක් විදිහට කළගුණ දන්නා තම දියණියන් එලෙස සලකනවා දුටුවිට ඈ තම තරුණ කාලය තම දියණියක් වෙනුවෙන් කැපකිරීම පිළිබඳව නිහඬ සතුටක් ලබනවා නොඅනුමානයි.
අද දිනයේ ඇගේ උපාධිය හා සම්බන්ධයෙන් පැවති විභාගයටද ඈ සූදානම් වූයේ පොඩි ළමයෙක් විලසිනි. රෑ එලිවෙනම් පාඩම් කරමින්, උදෑසන අවදි වී පාඩම් කරමින් ඈ ඒ සඳහා නිසි ආකාරයට සූදානම් වූවාය. නමුත් අපි වගේ විභාය ආතතියක් කරගන්නට තරම් ඈට උවමනාවක් නොවීය.
විභාගයක් තිබ්බා හෝ නොතිබ්බා අදටත් ඈ පනදර 3ට අවදි වී පොත්පත් කියවා නව දැනුම දිවියට එකතු කරගනිමින් දිවු ගෙවන්නීය. ඊට අමතරව පුවත්පත් වලට ලිපි කවි ලියමින් කාලය ගත කරන්නීය.
ඔප්පු 50000 කට අධික ප්‍රමාණයක් ලියා ඇති ඇය සිංහල, දෙමළ, ඉංග්‍රීසි, පාලි භාශාවන්ගේ ප්‍රවීණයෙකි.
ඊට අමතරව ඈ මැහුම්, ගෙතුම් ආදී හැකියාවන්ගෙන්ද අනූන අයෙකි. අවුරුදු 95ක් වෙලත් ඈ තාමත් ඒවා නතර කරලා නෑ.
2019 දී ඉපදුන මගේ පුතාටත්, 2020 දී ඉපදුන මගේ දුවටත් ඉස්සෙල්ලාම අන්දන්න ඇඳුම් ලස්සනට ගොතලා මහලා දුන්නේ මගේ ආච්චි අම්මා. මට විතරක් නෙමෙයි මගේ අනිත් අක්කලාගේ බබාලටත් ආච්චි අම්මා තමා ඇඳුම් ගොතලා දුන්නේ. මේ දවස් වලත් ඇඳුම් කට්ටලයක් සූදානම් කරගෙන ඉන්නවා අලුත් බබෙක්ට දෙන්න.
ආච්චි අම්මා ඔයා නම් ඇත්තටම මට වීරවරියක්. අපි හැමෝටම ආදර්ශයක්.
දීර්ඝායූ වේවා ආච්චි අම්මා!

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්