නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට අදාළව 7600ක් අත්අඩංගුවට අරන් – හඳුනාගත් චූදිතයන් 300ක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 7600 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර සෘජුව හා වක්‍රව වගකිය යුතු චූදිතයන් 300ට ආසන්න පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

ඉන් 32 කට මනුෂ්‍ය ඝාතන කුමන්ත්‍රණ චෝදනාව දැනටමත් ගොනු කර ඇත.

241 දෙනෙක් රැඳවුම් නියෝග මත මෙම ප්‍රහාරයට වක්‍රව සහාය දීම යන චෝදනා මත රඳවා ගෙන ඇති බව හෙතෙම දකුණු පළාතේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ නිල උත්සවයේ දී කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුතු ගොනුකිරීමට ප්‍රමාද වුණේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එනතෙක් බලාගෙන සිටි නිසාය.

එම වාර්තාව ලැබී ඇති නිසා ඉතා ඉක්මනින් පාස්කු ඉරිදා ස්ථාන අටක සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධව අවශ්‍ය චූදිතයන්ට නඩු පවරා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

මෙම සමුළුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ යහපාලන රජයේ සිදුවූ පාස්කු ප්‍රහාරය දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් විපක්ෂයේ පිරිස් විසින් මෙම රජයට විවිධ චෝදනා ඉදිරිපත් කරමින් සිටින බවයි.

රටේ කොදු නාරටිය වන බුද්ධි අංශ අකර්මන්‍ය කර සිදුකළ මෙම පාස්කු ප්‍රහාරයට පසුගිය යහපාලන රජයේ සියලුම දෙනා වගකිය යුතු බව හෙතෙම පෙන්වාදුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්