නවතම පුවත්

කොරෝනා සමයේ, ආදායම් වාර්තා බිඳිමින් ඉදිරියට යන “කලම්බෝ”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(මේ දිනවල සාර්ථකව තිරගත වන “කලම්බෝ” චිත්‍රපටය පිළිබඳව එහි නිෂ්පාදක අනූෂ සංජීව එදිරිමුණි සමග කල සම්මුඛ සාකච්ජාවකි .)

 

කොහොමද මේ දවස්වල චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ?

ඔව් , කොරෝනා තත්වය මැද්දේ වුනත් මේ චිත්‍රපටයට ඉහල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා , ඒ ගැන හරිම සතුටුයි .

මේ චිත්‍රපටය දැක්කට පස්සේ ඒ ගැන ලොකු කැමැත්තක මගේ හිතේ ඇතිවුනා , මේ වැඩේ අලුත්. මෙහි යම් වෙනසක් තිබුණා , ඒ නිසා තමයි  මේ  වසංගත තත්වය යටතේ  වුණත් මම මේ නිර්මාණය මුදාහැරීමේ අභියෝගය භාර ගත්තේ. කවුරුත් චිත්‍රපට හෝල් වලට චිත්‍රපට නොදෙන කාලෙක මට විශ්වාසයක් තිබුණා මේ නිර්මාණය මිනිසුන් වැලදගන්නා බවට. ඒ වගේම මට හිතුණ දෙයක් තමයි මිනිස්සු චිත්‍රපට හෝල් වලට එන්නේ නැත්තේ චිත්‍රපටවල තියෙන ප්‍රශ්නයකට මිසක් මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නයකට නෙවෙයි කියම එක .. ඒකට හොඳම උදාහරණය පසුගිය දවස්වල තිරගත වුණ මාස්ටර්  චිත්‍රපටය. මිනිසුන්ට හොඳ දේ දුන්නොත් මිනිස්සු බලනවා. ඒක වසංගත තත්වයේ වුණත් එහෙම තමයි.

කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු   සිංහල චිත්‍රපටියකට ලැබුණු වැඩිම ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ලැබී ඇත්තේ මේ “කලොම්බෝ”   චිත්‍රපටයටයි . මුල් දින කිහිපයේ පමණක් රුපියල් මිලියන දෙක ඉක්මවා යන්න අපිට පුළුවන් වුණා. ඒ  ගැන ලොකු සතුටක් තියෙනවා.අනූෂ සංජීව එදිරිමුණි

 

මේ චිත්‍රපටය වටා එක්රොක් වී සිටින ප්‍රේක්ෂක පිරිස ගැන මේ වනවිට ඔබට   අදහසක් තිබෙනවාද ?

ඔව් , මේ චිත්‍රපටය වටා  වැඩියෙන්ම එක්රොක්වී සිටින්නේ තරුණ පිරිසයි , නමුත් වැඩිමහලු අයත් මෙවැනි නව ආරක , චිත්‍රපටයක් නරඹන්න කැමැත්තෙන් සිට ඇති බව පෙනෙනවා . ‘Colombo‘ චිත්‍රපටය එක්ක කාලයකට පස්සේ සිනමාවට ජීවයක් ලැබිලා. කියල බොහෝ දෙනෙක් කියනවා . ඒ ගැන හිතනකොට නම් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා .ඇත්තටම චිත්‍රපටයේ තේමාවේ සිටම මෙය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට නව  අත්දැකීමක් ලබාදෙනවා . කොළඹ වතු නිවාස ආශ්‍රිත පරිසරය  පාදක කරගනිමින් ගොඩනැගී ඇති මේ චිත්‍රපටයට , විශාල ආකර්ෂණයක් ලැබීමට හේතුවත් එයමයයි හිතෙනවා . අපගේ සිනමා රසිකයින් , ප්‍රේක්‍ෂකයින් බොහොම බුද්ධිමත් , උසස්  නිර්මාණයක් , නව ලොවට , ජාත්‍යන්තරයට ගැලපෙන නිර්මාණයක් වටා ඔවුන්එක්රෝක්වනවා . ඒ බව “කලම්බෝ” වටා එක්ව සිටින ප්‍රේක්ෂක පිරිස දිහා බැලුවම වැටහෙනවා .

 

මේ චිත්‍රපටය , අසම රන්දිල් නම් තරුණයාගේ කුළුඳුල් නිර්මාණය , එවැනි නවකයෙකුගේ නිර්මාණයකට නිෂ්පාදනයෙන් දායකවීමේදී ඔබට යම් චකිතයක් ඇතිවුනේ නැද්ද ?

මම අසම රන්දිල්  එක්ක මේ චිත්‍රපටය පිළිබඳ සාකච්ඡාවට කිහිපයක් තිබ්බා. ඒ තුළ මට අසමව තේරුම් ගන්න පුළුවන් වුණා. අසම කියන්නේ අහිංසක වගේම අවංක ළමයෙක්. ඔහුට තිබුණ එකම ආසාව මේ නිර්මාණය හරියට කිරීම. ඒ වෙනුවෙන් ඔහුට හැකි උපරිමය ඔහු කළා. අද්දැකීම් මදිකම හේතුවෙන් අඩුපාඩු තියෙන්න පුළුවන්. එතැනදී මා ලත් අද්දැකීම හා පන්නරය තුළ අසම මේ ගැන හිතනවට වඩා තැනකට මෙය ඔසවා තබන්න මට හැකි වුණා.

ඒ වගේම ඔහු සමඟ කළ මූලික සාකඡාවේදීම මම තීරණය කළා මේ නිර්මාණය කිරීමේදී අප අතර තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය ඉතාම වැදගත් කියලා. මම ඒක අසමට කිව්වා. මේ නිර්මාණයට හා එහි නිෂ්පාදන ක්‍රියාවලියටයි මම වග කියන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනයේදී ඒ අදාළ කාර්යයන් කරන ආකාරය පිළිබඳ අපි දෙන්නටම හොඳ අවබෝධයක් තිබුණා. ඔහුගේ ආධුනිකත්වය පිළිබඳ මම තුන්වෙනි තැනටයි හිතුවේ. මම හිතුවේ මේ නිර්මාණය කිරීමට ඔහුට ඇති අවංක අදහස. එළියට එන්න බැරුව හිරවෙලා ඉන්න තරුණ දක්ෂයෝ ඕන තරම් ඉන්නවා. මේ නිර්මාණය මම මාකට් කරන්න උපරිම ශක්‍යතාවයක් මට තිබුණා පෙර අද්දැකීම් එක්ක. ඒ පිළිබඳ මට තිබුණ විශ්වාසය හා අසමගේ නිර්මාණය පිළිබඳ මට තිබුණ අවංක අදහස එක්ක මම මේ වැඩේට අත තිබ්බා. ඒ තුළ ඔහුගේ ආධුනිකභාවය මම සැලකුවේ නෑ. මොකද මම හිතනවා ඕනම දෙයක් අලුත් වෙන්න නම් අලුත් මිනිස්සු ඕන. මම හිතුවේ මට මගේ ජීවීතේ නොලැබුණ අවස්ථාවක් දුන්නම එයා හොඳ ගමනක් ගියොත් ඒක තමයි මගේ සතුට.

 

ඒ කියන්නේ මේ චිත්‍රපට වෙනුවෙන් ඔබ නිෂ්පාදන කාර්යයෙනුත් එහාට ගොස් තිබෙනවා ?

නිෂ්පාදකයව ලංකාවේ හඳුන්වාදීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. නිර්මාණයට මුදල් යොදවන්නා නිෂ්පාදක කියලයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. නමුත් අපි මාධ්‍ය නාළිකාවල වැඩ කරන විට අපිට අධ්‍යක්ෂ කියලා නෙවෙයි කියන්නේ. නිෂ්පාදක කියන තනතුර තමයි තියෙන්නේ. එතකොට ඒ අදාළ නාළිකාව තමයි මුදල් යොදවන්නේ. නිෂ්පාදන කාර්යයේ සම්පූර්ණ භාරකාරත්වය තියෙන්නේ නිෂ්පාදකට. මා කරන්නෙත් එයමයි. මෙහිදී මුදල් යෙදවීම කියන දේ මම කළා වගේම වෘත්තීය නිෂ්පාදකවරයා කියන දේ ස්ථාවර කිරීමයි මා සිදු කළේ. අසමට මම කිව්වෙත් ඔහුට අධ්‍යක්ෂවරයා විදිහට ලැබෙන ගෞරවය සියයට දෙසීයක් මම අරන් දෙනවා. මම ඔහුට අධ්‍යක්ෂණය කරන්න දීලා පිටුපස සිට සියල්ල කළමණාකරණය කළා.

අසම මේ චිත්‍රපටයේ භාගයක් පමණ රූ ගත කිරීමෙන් පසුව තමයි මට මුණ ගැහෙන්නේ. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ අජිත් කුමාරසිරි නිසා. මම ඔවුන් කරලා තිබුණ ටික බැලුවා මම කිව්වා මේක මේ මට්ටමෙන් ඉදිරිපත් කරන්න බෑ. මේ නිර්මාණය යම්කිසි තලයකට ගෙන ආ යුතුයි කියලා. සම්පූර්ණයෙන්ම මේ නිර්මාණයේ අයිතිය මා යටතට ගෙන ඔවුන්ගේ එකඟතාවය මත සම්පූර්ණ නිර්මාණයම පරිපූර්ණ කරනවා. ලෝකයේ චිත්‍රපට හැදුවම ඤඪපඥජබධප ජභබ එක වෙනම තියෙනවා. නමුත් අපි බලන්නේ නපධඤභජඥප ජභබ එක. අද ඔයගොල්ල දකින චිත්‍රපටය ඒ ආකාරයට මම කළ නිෂ්පාදනයයි.

ඒ වගේම මේ කර්මාන්තය තුළ වැඩ කරලා මට තිබුණ අද්දැකීම තමයි සමහර චිත්‍රපට ඉතාම හොඳයි නමුත් ප්‍රවර්ධන‍ය වෙලා නෑ. චිත්‍රපටයට මුදල් යොදවනවා. චිත්‍රපටයයේ ප්‍රචාරණයට මුදල් වෙන් කරන්නේ නෑ. චිත්‍රපටය ප්‍රචාරණය වෙන්නේ නැතුව කොහොමද මිනිස්සු දැනගන්නේ. මේකට මම වෙනම පූර්ව ප්‍රචාරණ පට නිර්මාණය කළා. සතියක් තුළ ලක්ෂයක් ඒ ට්‍රේලර් එක බලලා තිබුණා.

May be an image of Anusha Edirimuni

මෙම චිත්‍රපටයට එක්වී සිටින  ලබාදුන් නළු නිළියන්ගෙන්  මෙන්ම තාක්ෂණික ශිල්පීන්ගෙන්ද ලැබුණු දායකත්වය , සහය  ගැන මතක්  කලොත් 

ඔව්. . හේමාල් රණසිංහ සහ ධර්මප්‍රිය ඩයස්ගේ රංගනය ඉතාම ඉහළයි. හේමාල් ජනප්‍රියම නළුවා බව කවුරුත් දන්නවනේ. නමුත් ඔහු දක්ෂතම නළුවෙකු බවට පෙන්වාදීමට මෙම  මේ රංගනය හොඳ නිදසුනක්. කුමාර තිරිමාදුර, රුක්මල් ඉරෝෂ් සහ නවන නළු නිළියනුත් මේ චිත්‍රපටය අසම යොදාගෙන තිබුණා. මේ සියල්ල දැක්කම මට හිතුණා මේක අනිවාර්යයෙන් මිනිසුන් අතරට යනවා කියලා.

 

චිත්‍රපටයේ එන ගීතය ගැනත් කියමු. මේ වනවිට එයත් ඉතාම ජනප්‍රියයි

මේකේ මුළින් සින්දුවක් තිබුණේ නෑ. නමුත් මම හිතුවා මේකට සින්දුවක් ඕන කියලා. මේ ගැන මගේ මිත්‍ර ජෝර්ජ් සැමුවෙල් එක්ක කතා කළා. මේ චිත්‍රපටයේ තේමාව මම ඔහුට පැහැදිලි කළා. පැයක් යන්න කලින් ඔහු මට සිංදුවක් ලියලා එව්වා. ඒ වචන ටික දකිනකොටම මට හිතුණා මේක තමයි ගීතය කියලා. මේක කොහොමද කරන්නේ කියලා ඉන්නවිට මට අහම්බෙන් හම්බුණා ශේන් සිංව. ශේන්ට මම මේ වචන ටික පෙන්නුවම ඔහු මට කිව්වා මේ වච්න ටික මරු මම මේකට සින්දුවක් හදන්නම් මම ආසයි මේක කියන්න කියලා. මම කිව්වා හරි ඔයා හදන්න හැබැයි ශේන් මට සෑහීමකට පත්වෙන්න බැරි වුණොත් මම මේක අතාරිනවා කියලා. ඇත්තටම ශේන් ඒක හොඳටම කළා. මම ඒකට කැමති වුණා. ඒ ගීතය තමයි මේ චිත්‍රපටයට යොදා ගත්තේ.

 

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් සඳහන් කලොත් 

ඇත්තෙන්ම මේ දක්වා මෙරටේ සිනමා රසික පිරිස් අපේ චිත්‍රපටයට ලබාදුන් සහයට ස්තූතිවන්ත වන්නට ඕනේ . ඔවුන් දහසක් බාධක , සීමා මැද මේ චිත්‍රපටය නැරඹීමට එනවා . ඇත්තෙන්ම එය අපගේ සිනමා කර්මාන්තයටත් සුභ ලකුණක් . මෙතෙක් මෙම සිනමා පටය නොබැලු අයගෙන් මා ඉල්ලන්නේ , මේ  සුවිශේෂී සිනමා අත්දැකීම විඳගන්න අප හා එක්වන ලෙසයි . ශ්‍රී ලංකාවේ අනාගත සිනමාව  කෙබඳු විය යුතුදැයි යන්නට ඉඟියක් මෙම චිත්‍රපටයෙන් ලබාදී තිබෙනවා .

 

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්