නවතම පුවත්

පේදුරුතුඩුවේ මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් යටකරන්න හැදූ කැබ් රථයකට වෙඩි

අසංක

අසංක

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ ස්වභාවික වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට ආ කැබ් රථයක් විශේෂ කාර්ය බලකායේ සංඥා නොතකා මාර්ග බාධකය හරහා ගොස් ඉදිරියේ සිටි නිලධාරීන් යටකරගෙන යාමට උත්සාහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබූවද මෙම කැබ් රථය නොනවත්වා ම දිගටම ධාවනය කර ඇති අතර පසුව කැබ් රථයේ සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙක් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඔවුන්ගේ වෙඩි වැදීම් තුවාල ඇති බවට වාර්තා වී ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

මේ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 23 සහ 26ක අයවලුන් බවට වාර්තා වී ඇත.

මේ පිළිබඳ පේදුරුතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම කැබ් රථය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

අද උදෑසන මෙම සිද්ධිය වී ඇති අතර අණ නොතකා මාර්ග බාධකය පසුකරගෙන යාමේදී ඇණ ලෑලි සහිත බාධක දෙකක් කැබ් රථය ඉදිරියට යෙදුවද ඒවා ද පසු කරමින් වාහනයේ ටයර්වල හුලං නොමැති අවස්ථාවේදී පවා එම කැබ් රථය ඔවුන් ඉදිරියට ධාවනය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති වරයා කීය.

එම කැබ් රථය මාර්ග බාදකයට ඉදිරියෙන් සිටි නිලධාරීන් යටකරගෙන යාමට තැත්කර තිබෙන අවස්ථාවේදී නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම කර ඇති බව අජිත් රෝහන මහතා පැවසීය.

එම මාර්ග බාධකයේ විශේෂ කාර්ය බලකා නිළධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීය .

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි ස්වභාවික වැල නිධියක් ආරක්ෂා කිරීම සඳහා පවත්වාගෙන යන මාර්ග බාධකයෙදී

මෙම වැල නිධියෙන් විවිධ පුද්ගලයන් විසින් නිරන්තරයෙන් අනවසර වැලි ගෙන යන බවට පොලීසියට මීට පෙර වාර්තා වී ඇත.

ඒ අනුව මෙම මාර්ග බාධකය යොදන ලද්දේ එම වැල නිධිය ආරක්ෂා කිරීම සඳහා බව හෙතෙම කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්