නවතම පුවත්

තහනම් අන්තවාදී සංවිධාන සමාජ ජාල තුළ තවමත් මත පතුරයි

අසංක

අසංක

මෙරට තුළ තහනම් කරන ලද අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 සමාජජාල තුළ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

එම සමාජ මාධ්‍ය ඔස්සේ තහනම් සංවිධානවල දේශන හා මතවාද තවමත් සංසරණය වන බව නිරීක්ෂණය වී ඇත.

අදාල සමාජ මාධ්‍ය ආයතනවලට එම සංවිධාන ගැන දැනුවත්කරමින් එම දේශන සහ මතවාදී අදහස් දැක්වීම් ඉවත්කිරීමට පියවර ගැනීමට බුද්ධි අංශ බලධාරීන් දැනුවත්කර ඇත.

මේ අතර තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

තහනම් කරල ලද අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 නායකයින්ගෙන් වත්කම් සම්බන්ධ තොරතුරු ලබා ගනිමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

තහනම්කර තිබියදීත් මෙම සංවිධාන අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවමින් කටයුත කළහොත් අනිවාර්යයෙන්ම ඒ අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගගන්නා බවද සරත් වීරසේකර ඇමතිවරයා අවධාරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි