නවතම පුවත්

කුළු බඩු අපනයන ආදායමේ 97% ක වර්ධනයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

මෙම 2021 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ ,  කුළුබඩු අපනයන ආදායම පෙර වසරට සාපේක්‍ෂව   97.1%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ.

ඒ අනුව ඩොලර් පසුගිය වසරේ මෙම කාල සීමාව තුල කුළු බදු අපනයනයෙන් ලැබුණු ඩොලර්   මිලියන 38.1 සාපේක්‍ෂව මෙම වසරේදී  ඩොලර් මිලියන 75.2 ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී

කුළුබඩු අපනයන සැලකීමේ දී ගම්මිරිස්, කුරුඳු, සාදික්කා සහ වසාවාසි අපනයන ආදායම ඉහළ යෑම සඳහා මිල ගණන් මෙන්ම අපනයන පරිමාව ද දායක වූ අතර, කරාබුනැටි අපනයන ආදායම ඉහළ යෑම සඳහා අපනයන පරිමාව ඉහළ යාම දායක විය.

2021 වසරේ පෙබරවාරි මාසයේ දී කෘෂිකාර්මික අපනයන ආදායම පසුගිය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 5.9කින් ඉහළ ගිය අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් කුළුබඩු, පොල් සහ තේ අපනයන දායක විය.

මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් තේ අපනයනයෙන් ඉහළ ආදායමක් ලැබුණු අතර, අපනයනය කරන ලද තේ පරිමාවේ පහළ යෑමක් වාර්තා විය. ප්‍රධාන වශයෙන් පොල් කෙඳි අපනයනය හේතුවෙන් පොල් අපනයන ආදායම ඉහළ ගියේය. ආහාරයට ගත හැකි ඇට වර්ග ආදී වූ සුළු කෘෂිකාර්මික අපනයන සහ මුහුදු ආහාර අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහළ ගියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්