නවතම පුවත්

අවුරුදු නැකතින් හැඩවුණු ඕස්ට්‍රේලියාවේ ගැමි ගෙදර

අසංක

අසංක

ඕස්ට්‍රේලියාවේ දී පස්වෙනි වරටත් සංවිධාන කළ බ්‍රිස්බේන් Lanka Lions බක්මහ උළෙල-2019 පසුගිය 6 වැනිදා Robelle Domaine Parkland, Speingfeild හිදී පැවැත්විය​.

ශ්‍රී ලාංකික මෙන්ම විජාතික ජනතාවගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම අවුරුදු උත්සවය ජන ක්‍රීඩා, විනෝදජනක ක්‍රීඩා  සහ සංස්කෘතිකාංගවලට මුල් තැන දෙමින් සංවිධාන කර තිබිණ.

එදින සන්ධ්‍යාවේදී පැවැති සංගීත ප්‍රසංගය සංගීතවත් කළේ චාන්දනී හෙට්ටිආරච්චි ප්‍රමුඛ C&C සංගීත කණ්ඩායම විසිනි.

ක්වීන්ස්ලන්ත බෞද්ධ​ විහාරාධිපති පූජ්‍ය සිටිනාමළුවේ සුගතසාර නායක ස්වාමීන් වහන්සේ සහ ලංකාරාමාධිපති පූජ්‍ය වත්තේගම ධම්මාවාස ඇතුළු මහා සංඝරත්නය ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් Lanka Lions බක්මහ උළෙල ආරම්භ කෙරුණි.

මෙහි විශේෂත්වය වූයේ අවුරුදු නැකැත් චාරිත්‍ර සියල්ල එම ස්ථානයේ ඉදිකර තිබූ ගැමි ගෙදර තුලම සිදුකිරීමයි.

මේ නිසා විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය දරුවන්ට අපේ හෙළ සිරිත් විරිත් සහ ඒවායේ වැදගත්කම පිළිබඳව මනා දැනීමක් ලබාගැනීමට අගනා අවස්ථාවක් විය.

ගැමි ගෙදර නිර්මාණය සඳහා විශේෂ දායකත්වයක් ලබාදුන්නේ දක්‍ෂ නිර්මාණකරුවෙකු වන සේන පතිරණගේ විසිනි. තවද අවුරුදු චාරිත්‍ර සියල්ල ඒ ආකාරයටම ඉදිරිපත් කළේ නිමල් පලීපාන මහතා ඇතුළු පිරිස විසිනි.

කොට්ටපොර​, කඹ ඇදීම​, කණාමුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවලට අමතරව තවත් විනෝද ක්‍රීඩා රැසක් බාල තරුණ සහ වැඩිහිටි සැම වෙනුවෙන් සංවිධාන කිරීමට සාගර පෙරේරා සහ චිරින්ජීව කුළතුංග ඇතුළු පිරිස කටයුතු කළෝය.

 සියළු කටයුතු මෙසේ සාර්ථකව සිදු කරගෙනයාමට සම්බන්ධීකරණයෙන් සහ අධීක්‍ෂණයෙන් සම්මාදම් වූයේ වජිර ජයසූරිය සහ චමින්ද හේවගේ ඇතුළු කණ්ඩායම විසිනි.

මෙහිදී ප්‍රධාන අනුග්‍රාහකත්වය Master Consultants, Jeewa Education, Royal Gateway විසින් දැක්වීය.

සන්ධ්‍යාවේ පැවැති සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් ජයන්ති තෙන්නකෝන්, ටිශානි කළුආරච්චි සහ කෞශල්‍ය හරස්ගම වෙතින් ලද ගුරුහරුකමින් ලාංකික දරුවන් ලාංකීය සංස්කෘතික ප්‍රසංගයක් ඉදිරිපත් කළ අතර පැමිණ සිටි ප්‍රධාන අමුත්තන් අතර සිටි ඕස්ට්‍රේලියානුවන්ට වෙනස්ම අත්දැකීමක් විය​.

මේ සියල්ල සජීවීව ප්‍රේක්‍ෂකායා වෙත සම්ප්‍රේෂණය කිරීමට ආසිරි බණ්ඩාර​, හිමාල් මැදගම​, සහන් වීරසේකර සහ ඉන්දිකා පතිරණ කථනයෙන් දායක දායක වූ අතර ඡායාරූපකරණයෙන් මිනායා ෆොටෝග්‍රැෆි දායක විය​.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්