නවතම පුවත්

කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විතයට කොළඹ වරාය නගරයෙන් ආධාර.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

: ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින  COVID-19 තුන් වන රැල්ල එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායක වීමක් ලෙස ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) කටයුතු කර ඇත .
මෙම යන්ත්‍ර පසුගිය අඟහරුවාදා සී.එච්.ඊ.සී පෝර්ට් සිටි කොළඹ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදෙන ලදි. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවට මෙවැනි උපකරණ සඳහා ඇති ඉහළ අවශ්‍යතාව සඳහන් කරමින් මෙම පරිත්‍යාගය ඉතා අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය  ප්‍රකාශ කළාය.
රට තුළ COVID-19 ව්‍යාප්තිය ආරම්භ වීමේ සිටම එය පාලනය කිරීම සඳහා කොළඹ වරාය නගරය සෞඛ්‍ය බලධාරීන් වෙත අඛණ්ඩව සහයෝගය ලබා දුන් අතර, පසුගිය මාස කිහිපය තුළද මෙවැනි අවශ්‍යතාවයන් සඳහා විවිධ පරිත්‍යාගයන් කිහිපයක්ම සිදුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ අලෙවි කළමනාකරු Cui Yang, එහි මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් සහ මූල්‍ය විශ්ලේෂණ කළමනාකාරිනී නබීහා මොහොමඩ් යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්