නවතම පුවත්

මෙරට සිදුවන කොවිඩ් මරණ ‘පල් නොකර’ නිකුත් කිරීමට පියවර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මරණ, පැය 24 – 48 ක් ඇතුළත තහවුරු කර වාර්තා කිරීමේ නව  ක්‍රමවේදයක් ඊයේ (14) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

මෙම ක්‍රමවේදය හරහා ප්‍රමාදයකින් තොරව මරණ වාර්තා කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය දිනවල මරණ වාර්තා කිරීමේදී සති කිහිපයකට පෙර සිදු වූ මරණද සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනවල සඳහන් වූයේ ඇතැම් දිනවල කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ නමුත් එම දිනයේ සිදු වූ මරණ රැසක් ඉන් පසු දිනවලදී නිකුත් කළ නිවේදනවල සඳහන්ව තිබිණි.

මේ සම්බන්ධයෙන් බොහෝදෙනාගේ විවේචන එල්ල වූ අතර දෛනිකව මරණ 50 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවෙද්දී ඇතැම් දිනවල කිසිදු මරණයක් සිදු නොවූ බව වාර්තා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කළේය.

නව ක්‍රමවේදය යටතේ අවසන් පැය 24 හෝ 48 තුළ සිදුවන මරණ පමණක් වාර්තා කරන අතර දින කිහිපයක් පැරණි මරණ පිලිබඳව වාර්තා නොකරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්