නවතම පුවත්

ගෑස් මිල වැඩිවෙන ලකුණු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් හා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් ව ඇති බව වාර්තා වෙයි.

ගෑස් සමාගම් මාස කිහිපයක පටන් ගෑස් මිල ඉහළ දැමිම වෙනුවෙන් රජයෙන් අවසර ඉල්ලා ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් රජයෙන් අවසර ලැබී නොමැත.

මෙහිදී ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් හා ලාෆ්ස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 600කින් ඉහළ දැමීම සඳහා අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් වර්තමානයේ ජනතාව පත්ව ඇතී පීඩනය හමුවේ මෙවැනි ගණන් වලින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය නොහැකි බවට අමාත්‍ය අනුකමිටුව සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනය කිරීම සඳහා කටයුතු කරන බවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මෙහිදි සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර හා උදය ගම්මන්පිල යන අය මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්