නවතම පුවත්

ලෝකයේ ලොකුම ධනවතා,අභ්‍යවකාශගතවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස දැනට සැලකෙන  ඇමසන් අධිපති ජෙෆ් බෙසොස් , ලබන මාසයේදී අභ්‍යවකාශ ගතවීමට සූදානම්ව සිටී .

බ්ලූ ඔරිජින් යානයෙන් තමන් අභ්‍යවකාශ ගත වන බව ජෙෆ් බෙසොස්  මුලින්ම  හෙළිදරව් කළේ ජූනි 7 වැනිදා වන අතර . ඒ අනුව ජූලි 20 වැනිදා ජෙෆ් සිය සොයුරු මාක් බෙසොෆ් ද සමග අභ්‍යවකාශ ගතවීමට නියමිතය .

මේ බව ඔහු තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් සඳහන් කර ඇත .

එම වීඩියෝවෙදී බෙසොස් මෙසේද සඳහන් කර ඇත

”වයස අවුරුදු 5 ඉඳන් මම අජටාකාශයට යන්න සිහින මැව්වා. ජූලි 20 වැනිදා මම මගෙ සහෝදරයත් එක්ක ඒ ගමන යනවා. මගෙ හොඳම මිතුරා එක්ක මහා ත්‍රාසජනක වීර ක්‍රියාව කරනවා..”

බෝසෙස් තමන්ගේ මෙම අභ්‍යවකාශ චාරිකාව සඳහා තවත් දෙදෙනකු එක්කරගැනීමට කටයුතු යොදා ඇති අතර රහස් වෙන්දේසියක් හරහා එම දෙදෙනාව තෝරාගෙන ඇත .

එම වෙන්දේසියෙන් ජයග්‍රහණය කර බ්ලු ඔරිජින් හි ආසනයක් වෙන් කරගැනීමට සමත්වූ එම පුද්ගලයින් කව්ද යන්න මෙතෙක් හෙළිදරව් කර නැත . කෙසේ වෙතත් ආසනය සඳහා වන ටිකට් පත ,අදාළ වෙන්දේසියේදී ඩොලර් මිලියන 28 කට අලෙවි වී ඇති බව වාර්තාවේ .

මෙම අභ්‍යවකාශ ගමනට එක්වීම සඳහා ටිකට් පතක් ලබාගැනීමට , ලොව පුරා රටවල් 159කින් පුද්ගලයින් 8000 කට ආසන්න පිරිසක් මෙම වෙන්දේසියට එක්වී ඇති බවටද වාර්තාවේ .

කෙසේ වෙතත් බෙසොස් ගේ මෙම අභ්‍යවකාශ ගමන සම්භන්ධව විවිධ පාර්ශව විවිධ මත හා අදහස් පළකරමින් සිටින අතර ඔහු නැවත පෘථිවිය වෙත නාවාට කමක් නැතැයි බලකෙරෙන  පෙත්සමක්ද මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් ඇත

මෙම පෙත්සම මේ වන විට Change.org හි සක්‍රිය වී පවතියි. මෙයට සතියකට පමණ පෙර පෙත්සම ආරම්භ කළේ ජොස් ඔර්ටස් නමැත්තා විසිනි. මේ වන විටත් එයට 16,000 කට අධික දෙනෙක් විසින් සිය අත්සන් යොදා තිබේ.

එහි මාතෘකාව ලෙස යොදා තිබෙන්නේ ”ජෙෆ් බෙසොෆ් ට නැවත පෘථිවියට එන්න ඉඩ දෙන්න එපා..” යනුවෙනි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්