නවතම පුවත්

කොළඹ කොටස් හුවමාරුව හා කොළඹ වරාය නගර ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් හුවමාරුව CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo), ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ නංවාලීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. කොළඹ වරාය නගර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයට විශේෂ අවධානයක් යොමු කරමින් හා එය ප්‍රතිලාභයක් බවට පත් කර ගනිමින්, කලාපීයව පිළිගත් මූල්‍ය හුවමාරුවක් කොළඹ වරාය නගරය තුළ ඇති කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර එය කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හුවමාරුවක් ඇතිකිරීමේ සාමූහික අරමුණින්ද සමන්විතය.

මෙම හුවමාරුව කලාපීය හා ගෝලීය ආයෝජකයින් සඳහා දොරටුවකි. ශ්‍රී ලංකාවේ සහ විදේශීය සමාගම්වලට විදේශ විනිමය බැඳුම්කර සහ කොටස් නිකුත් කිරීමට මෙන්ම වත්කම් පන්තීන් හරහා වෙනත් මූල්‍ය හා අවදානම් කළමනාකරණ උපකරණ සංවර්ධනය කිරීමට කදිම වේදිකාවක් සපයයි.
නවීන එමෙන්ම ගෝලීය මට්ටමේ වෙළඳ හුවමාරුවක් ඇති කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ හවුල් වීමට ගෝලීය කොටස් හුවමාරුවක් හඳුනා ගැනීමට හා ආකර්ෂණය කර ගැනීමට CHEC කොළඹ වරාය නගර ආයතනය සහ කොළඹ කොටස් හුවමාරුව සක්‍රීයව මෙන්ම සහයෝගයෙන් ද කටයුතු කරන අතර එමඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහ ASEAN කළාපයේද ප්‍රාග්ධන රැස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් වනු ඇත. මනා ක්‍රියාකාරීත්වයක් සහිත වෙළඳපොළකට හිතකර පරිසරයක් සැපයීම සඳහා කොළඹ කොටස් හුවමාරුව, නියාමකයින් සමඟ කටයුතු කරනු ඇති අතර, ද්‍රවශීලතාවය ඉහළ නංවන මෙන්ම හුවමාරුවේදී නිෂ්පාදන හා සේවාවන් බාධාවකින් තොරව හඳුන්වා දීමට ද හැකිවනු ඇත.

කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට CHEC කොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ මෙම පළමු පියවර තැබීම සතුටට කරුණකි. මෙම මූලාරම්භය තුළින් අපි ප්‍රාග්ධන වෙළඳපොළට නව මානයක් ගෙනෙනු ඇති අතරම වරාය නගරයේ මෙන්ම කලාපීය වශයෙන් සුරැකුම් නිකුත් කරන්නන් සහ ආයෝජකයින්ගේ අවශ්‍යතා සපුරාලන ජාත්‍යන්තර කොටස් හුවමාරුවක් සමඟ හවුල් වීමට ද සැලසුම් කර ඇත්තෙමු. ”
CHEC කොළඹ වරාය නගර ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හව්ලියැං (Mr. Jiang Houliang) මහතා මෙසේ පැවසීය. “වරාය නගරයෙහි ජාත්‍යන්තර කොටස් වෙළඳපොලක් පිහිටුවීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. නිවැරදි යටිතල පහසුකම් සහ ව්‍යාපාරික හිතකාමී ප්‍රතිපත්ති සමඟින්, කොළඹ වරාය නගරය කලාපීය ලැයිස්තුගත කිරීම් සඳහා ආකර්ශනීය ස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අප සමත් වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. එය ලොව පුරා සමාගම්වලට නව ආයෝජන අවස්ථාවන්ට ප්‍රවේශ වීමේ දොරටුව වනු ඇත. ”

දිල්ෂාන් විරසේකර (අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, කොළඹ කොටස් හුවමාරුව), නබීහා මොහොමඩ් ,CFA (උපායමාර්ගික හා ව්‍යාපාර සංවර්ධන කළමනාකරු, CHEC කොළඹ වරාය නගර ආයතනය), ජයන්ත ප්‍රනාන්දු (අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, කොළඹ කොටස් හුවමාරුව), තුල්සි අලුවිහාරේ (සහකාර කළමණාකාර අධ්‍යක්ෂ, CHEC කොළඹ වරාය නගර ආයතනය) CHEC කොළඹ වරාය නගර ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ජියැං හව්ලියැං (Mr.Jiang Houliang), දුමිත් ප්‍රනාන්දු (සභාපති, කොළඹ කොටස් හුවමාරුව), සුරේන් ද සිල්වා (අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, කොළඹ කොටස් හුවමාරුව), රජීව බණ්ඩාරනායක (ප්‍රධාන විධායක නිලධාරී, කොළඹ කොටස් හුවමාරුව), පුරසිසි ජිනදාස (Head of Origination and Issuer Relations, CSE) රාධික ඇල්ලෙපොල ( දේශීය කළමණාකරු, අලෙවි හා ආයෝජක සබඳතා, CHEC කොළඹ වරාය නගර ආයතනය) සේමිනි පිලපිටිය (කනිෂ්ඨ විධායක, CHEC කොළඹ වරාය නගර ආයතනය)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්