නවතම පුවත්

ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු කිරීමට සමාගම් එකඟ වී තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ගෘහස්ථ විදුලි රැහැන් වයර් නිෂ්පාදනය දේශීය කර්මාන්ත විසින් සිදුකරන අතර අපනයන වෙළඳපොල සඳහා ද දායක වීම සිදුකරයි.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5000 සිට 10000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ඉහළ යාමකට ලක් වෙමින් තිබුණු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන කණ්ඩායම් වෙත වාර්තා විය.

ඒ අනුව එම සමාගම් සමඟ සාකච්ඡා වට තුනක් පවත්වා මින් ඉදිරියට විශේෂිත වූ තත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90% කම නිෂ්පාදන වර්ග වල මිල 11%  කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5% කින් ද 2021 අගෝස්තු 01 වැනිදා සිට අඩු කිරීමට සියළු සමාගම් එකඟ විය. මෙම සාකච්ඡාව සඳහා පහත සඳහන් සමාගම් සහභාගී විය.

කැළණි කේබල්ස් පී එල් සී

ඒ සී එල් කේබල්ස් පී එල් සී

සියෙරා කේබල්ස්  සමාගම

එස් ආර් කේබල්ස් සමාගම

ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් සමාගම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්