නවතම පුවත්

ගුරු විදුහල්පති සටන සදුදා සිට දැඩි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දැනට සිදු කරන වෘත්තිය ක‍්‍රියාමාර්ග ලබන සඳුදායින් පසු දැඩි කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් පසු ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබාදෙන බව මාධ්‍යයට අගමැති කාර්යාලය විසින් ප‍්‍රකාශ කර තිබුණත් එවැනි විසඳුමක් දීමක් ගැන පැවැති සාකච්ඡාවේදී එකඟ නොවූ බවද ඒ මහතා පැවසීය.

ගුරු විදුහල්පති ගැටලූ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත් කර ඇතැයි ද ඔවුන් සමග සාකච්ඡා කරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇතත් එවැනි කමිටුවක් පිළිබඳව වෘත්තීය සමිති කිසිවක් නොදන්නා බව ද ඒ මහතා කීය.

අඩුම තරමින් එම කමිටුවේ සභාපති හෝ සාමාජිකයන්වත් නොදන්නා බැවින් කවුරුන් සමග සාකච්ඡා කරන්න ද යන්න පැහැදිලි නැතැයි ද ඒ මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්