නවතම පුවත්

මෙහෙම යයිද – රට වහයි ද තීරණය අද!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


* නොකළොත් දිනක මරණ 300 පනීවි – විශේෂඥයෝ

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට තුල උත්සන්න වී ඇති කොවිඩ්-19 අර්බුදය හමුවේ ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය අද (13) දිනයේ දී රැස්වී තීන්දු ගැනීමට නියමිත බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින වයිරස් ව්‍යාප්ති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී සිදුකර ඇතැයි ද වාර්තා විය.

ඊයේ (12) දිනයේ දී පෙරේදා දිනය තුළ මෙරට සිදුවූ කොවිඩ් මරණ 156ක් වාර්තා වූ අතර අඛණ්ඩව සිව්වැනි දිනටත්් මෙරට තුළ දිනකදී 100 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වූ දිනය එයයි.  ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,620 දක්වා ඉහළ ගොස් ඇත

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙර පවසා තිබුණේ මෙම දත්ත සැබෑ දත්ත නොවන අතර ඔවුන්ගේ මට්ටමින් ලබාදෙන දත්ත ජාතික වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේදී ඉතා අඩු අගයක් ගෙන ඇතැයි පෙනී ගොස් ඇති බවයි.

ඊයේ දිනය තුළ පමණක් මෙරට තුළ කොවිඩ් ආසාදිතයන්  3039 ක් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙතෙක් මෙරටින් හදුනාගත් බවට සෞඛ්‍ය අංශ විසින් නිල වශයෙන් දැනුම් දී ඇති සමස්ත කොවිඩි ආසාදිතයන් ගණන 345,118 කි.

රජරට විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය විද්‍යා මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පැවසුවේ වහාම කොවිඩ් පාලනය සඳහා නිසි පියවර නොගතහොත් ඉදිරි දිනවලදී දිනක්  තුළ කොවිඩ් මරණ 300ක් ඉක්මවනු ඇති බවයි.

පසුුගිය 5 වැනිදා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කළ විශ්ලේෂණයේදී පුරෝකථනය කර තිබුණේ  පසුගිය දිනවලදී වහා පාලන පියයවර නොගතහොත් මේ වනවිට දිනක් තුළ කොවිඩ් මරණ 150-200ක් පමණ සිදුවනු ඇති බවයි. එම පුරෝකථනය ඊයේ වනවිට සත්‍ය විය.

කෙසේවෙතත් අවර් වර්ල්ඩ් ඉන් ඩේටා ගෝලීය කොවිඩ් දත්ත  වි‍ශ්ලේෂණය පවසා තිබුණේ මෙරට තුළ මේ දින වකවානුවේදී දිනක් තුළ කොවිඩ් මරණ 600 ඉක්මවීමට ඉඩ ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්