නවතම පුවත්

57 වැනි සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරව අවසන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සහෝදරයන්ගේ සටන හෙවත් තර්ස්ටන් සහ ඉසිපතන අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති 57 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව ඊයේ (29) පස්වරුවේ අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ඉසිපතන විදුහල් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් දැවී ලකුණු 205 ක් රැස්කර සිටියේය.

ඉසිපතන විදුහල් දෙවැනි ඉනිමේදී රවිඳු රත්නායක අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දු 140 කින් ලකුණු 87 ක් රැස්කිරීමට සමත් විය. රවිඳුගේ ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.  

පළමු දිනය අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 131 ක් රැස්කර සිටි තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලු නවයක් දැවී ලකුණු 284 ක් රැස්කර සිටියදී අත්හිටුවීය.

භවන්ත ජයසිංහ අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 133 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 137 රැස්කරමින් තර්ස්ටන් විදුහලට තරගයේ ගෞරවය හිමිකර දුන්නේය.

ඉසිපතන විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දිනාත් දිසානායක සහ රවිඳු රත්නායක කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.  
 
ඉසිපතන විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 210
(ලෙෂාන් අමරසිංහ 65, සවිඳු උත්සර 70, සවීන් දන්ත 19, භවන්ත ජයසිංහ 53/4, ධනංජය සිල්වා 33/3)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලු 9 284
(
විහඟ ජයමාන්න 33, භවන්ත ජයසිංහ 137, රනේෂ් සිල්වා 17, සනුත් නදිනු 18, තිනෙත් ප්‍රබුද්ධ නොදැවී 36, දිනාත් දිසානායක 61/3, රවිඳු රත්නායක 59/3)

ඉසිපතන විදුහල දෙවැනි ඉනිම කඩුලු 4 205
(
ලෙෂාන් අමරසිංහ 25, රවිඳු රත්නායක 87, ලිසුර විනාත් 38, සවිඳු උත්සර නොදැවී 24, විහාස් තිව්මික 67/2, ආර්. කුමාර 36/2)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්