නවතම පුවත්

හම්බන්තොට වරායට ආයෝජන ගෙන්වන්න , රජයේ සහය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ)

හම්බන්තොට වරාය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරය සකස් කිරීමට රජයේ සහාය ලබාදෙනවා බව හම්බන්තොට වරායේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණයට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.
වරාය තුළ ඇති කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලැස්ම ලෙස ‘HIP Speed’ දැන් යොදා ගැනීමත් සමඟ විදේශ ආයෝඡන මෙරටට ආකර්ෂණය කරගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා වරාය මෙහෙයුම් හා සංවර්ධනයේ වැදගත් කරුණු පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
පසුගිය සැප්තැම්බර් මාසය වන විට හම්බන්තොට වරායේ සමස්ත ප්‍රතිදානය (Throughput) ටොන් මිලියන 1.7 ක් වූ අතර එය 2020 වසරේ සමස්ත ප්‍රතිදානයට ආසන්න බව එහිදී වරාය නිලධාරීන් ඇමතිවරයාව දැනුවත්කර තිබේ.

මෙම සාකච්ඡාවේ දී වරාය සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරි පියවරයන් ලෙස 2021 වර්ෂයේදී HIP සාර්ථකව ‘plug and play’ (පිරිනිමි), ‘Park in Park’ (කලාපයක් තුළ කලාපයක්) නිෂ්පාදන කම්හල් ජාලයක් සහ නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් වරාය තුළ පිහිටුවීමට ගිවිසුම් ගත වීම, HIPGහි වරාය ආයෝජන සේවා කණ්ඩායම දැනට අනාගත ව්‍යාපෘති සඳහා චීනයේ ආයෝජකයින් සමඟ සාකච්ඡා පැවැත්වීම යන සාධනීය පියවර අනුගමනය කරන බවත් හෙළිවිය.

මෙම සාකච්ඡාවේ දී වරාය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරය සකස් කිරීම සඳහා රජයේ සහාය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා, නිලධාරීන් සමග වරාය මෙහෙයුම් හා සංවර්ධනයේ වැදගත් කරුණු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු සහ HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරි පිරිසක් සහභාගී වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්