නවතම පුවත්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදති

අසංක

අසංක

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (25 වැනිදා) හැකියාව ලැබිණ.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කොට පැය 24 ක් ගතවීමට මත්තෙන් වත්මන් යොවුන් ලෝක ශූරයින් ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව වූ තරගාවලිය 5-0 ක් ලෙස අන්ත පරාජයකට ඇද දැමීමටද දුනිත් වෙල්ලාලගේ ඇතුළු පිරිස සමත්වූහ.

ලකුණු 102 ක් වශයෙන් සටහන් වූ චමිඳු වික්‍රමසිංහගේ ශතකය මත ගොඩ නැංවුණු ලකුණු 240 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 දී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 236 ක් පමණි. අවසන් පන්දුවාරය තෙක්ම අතිශය තියුණු මුහුණුවරක් ගනු ලැබූ මෙම තරගයේදී පළමු පන්දුවාර 45 දීම වැඩි වාසි තබා ගත්තේ බංග්ලාදේශ පිතිකරුවන්ය. ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පිවිසීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී මෆිජුල් ඉස්ලාම් (62), ඉෆ්තිකාර් හොසේන් (32), නව්රෝස් නබිල් (33) සහ අයිච් මොල්ලා (55) ලකුණු 30 කට ඉහළින් රැස් කිරීම කැපී පෙනිණ. එහෙත් 46 වැනි පන්දුවාරයේ සිට තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නේ කඩුලු දඩයම ඇරඹූහ.

තරගාවලිය පුරාම ලකුණු අතර සිටි පවන් පතිරාජ අද ලකුණු 4 කට දැවී ගිය අතර රයන් ප්‍රනාන්දු වෙනුවට පැමිණි සදීෂ රාජපක්ෂටද රැස්කරගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි. නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 කට දැවී යෑමත් සමඟ පසු පෙළීන් පැමිණි පිතිකරුවන්ට බංග්ලාදේශයෙන් ලැබුණු පීඩනය හසුරුවාගත නොහැකි විය. කෙසේ වුවත් අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු නිලකුණු පන්දු සංඛ්‍යාව 156 ක් විය. අද තරගයද සමඟින් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ පන්දු 150 කට වඩා නිලකුණු පන්දු තරග 4 කදී සටහන් විය. ක්‍රීඩා කරන ලද තරග 4 දී පන්දු 150 කට වඩා නිලකුණු පන්දු වාර්තා වුණු අවස්ථා 4 ක් සනිටුහන් වුණු අතර දෙවැනි තරගයේ පමණක් එය 144 ක් දක්වා අඩු අගයක් ගෙන තිබිණ. පළමු තරගයේදී නිලකුණු පන්දු 160 ක්, තෙවැනි තරගයේදී නිලකුණු පන්දු 157 ක් සහ සිව්වැනි තරගයේදී නිලකුණු පන්දු 159 ක් සටහන් විය.

අද තරගයට ශ්‍රී ලංකා යොවුන් පිල වෙනස් කම් 3 ක් සිදු කරමින් අවතීර්ණ වුණු අතර චමිඳු වික්‍රමසිංහ, සදීෂ රාජපක්ෂ සහ සදීෂ් ජයවර්ධනව කැඳවා තිබිණ. එහිදී පෙර තරගයට ක්‍රීඩා කළ හරිඳු ජයසේකර, රයන් ප්‍රනාන්දු සහ ළහිරු දවටගේට සිය ස්ථාන අහිමිවූහ. බංග්ලාදේශ කණ්ඩායම අද (25 වැනිදා) රාත්‍රියේදීම නැවතත් සිය රට බලා පිටත්ව යෑමට නියමිත විය.

-SLC-

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්