නවතම පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොළඹ කොටස් වෙළෙඳපළ සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක 10,000 ඉක්මවමින් මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්තාගත අගය සටහන් ඊයේ (25) කළේය.

කොළඹ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය ඊයේ  දිනයේ  සියයට 1.33 කින් හෝ 131.58 කින් ඉහළ ගොස් 10,046.80 ක් ලෙස මෙතෙක් වාර්තා වූ  ඉහළම අගය අවසන් කිරීමට හැකි විය. වෙළඳාමේ අවසන් පැය තුළදී දර්ශකය 10,075.95 දක්වා ඉහළ ගියේය.

වැඩි ද්‍රවශීලතා සහිත  කොටස් නියෝජනය වන S&P SL20 දර්ශකය ඒකක 46.89 න් සියයට 1.30 කින් ඉහළ ගොස් 3,652.61 ක් ලෙස අවසන් විය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසගත වූ ඊයේ දිනයේ සමස්ත පිරිවැටුමින් අඩකට එහා දායකත්වයක් ලබා දුන්නේ එක්ස්පෝ ලංකා සමාගමයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 52ක් වන අතර පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් විය. එය සමස්ත පිරිවැටුමින් සියයට 33ක් පමණ වේ.

විදේශීය ආයෝජකයින් සඳුදා රුපියල් මිලියන 33.8 ක  කොටස් තොගයක් අලෙවි කළහ. මේ වසරේ මේ දක්වා කාලය තුළදී රුපියල් බිලියන 44.7 ක විදේශ ආයෝජන ඉවත්ව ඇත.

දවසේ පිරිවැටුම රුපියල් බිලියන 6.8 ක් වූ අතර එය මෙම වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම බිලියන 4 ඉක්මවා ඇත.

මෙම සතිය තුළ බොහෝ සමාගම්වල ඉපයීම් වාර්තා නිකුත් කෙරේ. මේ තත්ත්වය තුළ වෙළෙඳපොළ ධනාත්මක ආකාරයෙන් හැසිරීමක් විශේෂනේ බලාපොරොත්තු විය හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි. එමෙන්ම ඉදිරියේදී අයවැය යෝජනා සහ රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කරුණු මත සමස්තයක් ලෙස වෙළෙඳපොළ ධනාත්මක ආකාරයෙන් හැසිරිය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්