නවතම පුවත්

ප්‍රමිතිය චෙක් කළ අලුත් තොගයේ ගෑස් අලුත් සීල් එකෙන්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නව ප්‍රමිති පරීක්ෂාවකින් පසුව නිකුත් කරනු ලබන ගෑස් තොග පහසුවෙන්‌ හදුනාගත හැකි විශේෂිත මුද්‍රාවක්‌ සහිත ගෑස්‌ සිලින්ඩරයක්‌ වෙළඳපොලට නිකුත්‌ කරනු ඇති බව ගෑස්‌ සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනිම්‌ හෝ පුපුරායාම්‌ පිළිබඳ විමර්ශනය කිරිම හා ඒ පිළිබඳ විසදුම්‌ සෙවිමේ ජනාධිපති කමිටුව පවසයි.

ඒ අනුව අද සිට සුදු පසුබිමේ රතු ලාංඡනයක් සහිතව මුද්‍රාවකින් යුත් ලීට්‍රෝ ගෑස් ද කහ පසුබිමේ නිල් ලාංඡනය සහිත මුද්‍රාවකින් යුත් ලාෆ්ස් ගෑස් ද නිපදවන බව එම සමාගම් නිවේදය කර තිබුණි.

මේ අතර ගෑස්‌ සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනිම්‌ හෝ පුපුරායාම්‌ පිළිබඳ විමර්ශනය කිරිම හා ඒ පිළිබඳ විසදුම්‌ සෙවිමේ ජනාධිපති කමිටුව පවසන්නේ ගෑස් කාන්දුවීම් පිළිබඳ සිදුවීම් 244ක් වාර්තා වූ බවත් ඉන් බහුතරයක් කාන්දුවීම් පරීක්ෂා කිරීමට ගොස් සිදුවූ බවට වාර්තා වී ඇති බවත් ය.

එබැවින් ගෑස් කාන්දු පිළිබඳ පරීක්ෂා නොකරන්නැයි එම කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ කමිටුව විසින් නිකුත් කළ නිවේද‍නයේ මෙසේ ද සඳහන් වේ.

“මෙම කමිටුව 2021.01.01 දින සිට 2021.12.05 දක්වා දිවයින පුරා චාර්තා චු ගෑස්‌ සිලින්ඩර ආශ්‍රිත මුළු සිද්ධින්‌ 458 සම්බන්ධව කරුණු සැලකිල්ලට ගැනිමෙන්‌,
එම සිද්ධින්ට අදාල ස්ථාන ගණනාවක්‌ පරික්ෂා කිරිමෙන්‌ මෙන්ම ගෑස්‌ සපයනු ලබන ප්‍රධාන ආයතන පරික්ෂා කිරිමෙන්‌ සහ ඔවුන්‌ කමිටුව ඉදිරියට කැදවීම මගින්‌ ලබාගත්‌ තොරතුරු ගැඹුරු ලෙස අධ්‍යනය කරන්නට යෙදුණි.

මේ චන චිට දිවයින පුරා වාර්තා වන ගෑස්‌ සිලින්ඩර්‌ ආශ්‍රිත සිදුචිම්වල සැලකියයුතු අඩුවීමක්‌ කම්ටුව විසින්‌ නිරික්ෂණය කරන අතර 2021.01.01 දින සිට 2021.12.05 දක්වා කාලසීමාව තුල එම සිදුවිම්‌ චාර්තා චී ඇත.

මේ අනුව සමස්ථ සිදුවීම්‌ 458 න්‌ 244 ක්ම ගෑස්‌ කාන්දුවීම සම්බන්ධයෙන්‌ ලැබුනු පැමිණිලි බව නිරික්ෂණය වී ඇත. පසුගිය දින කිහිපය පුරා මහජනතාව මේ සම්බන්ධයෙන්‌ දැක්වු දැඩි උනන්දුව මත විවිධ ක්‍රමවේදයන්‌ ඔස්සේ තම ගෑස්‌ සිලින්ඩර්‌වල තත්වය පරික්ෂා කිරිමට යාමේදි මෙවැනි ගෑස්‌ කාන්දුවීම්‌ හදුනාගෙන ඒ පිළිබදව පැමිණිලි කර ඇති බව ඒ පිළිබදව වැඩිදුරටත්‌ කරුණු අධ්‍යනය කිරිමේදි නිරික්ෂණය වේ.

මෙම කමිටුව විසින්‌ ගෑස්‌ කාන්දුවිම්‌ හදුනා ගැනිම සදහා අනන්‍යවු ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටළුවක්‌ බවට හදුනාගෙන ඇති අතර ඒ පිළිබදව අදාල ආයතන භා සමාගම්‌ සමග කල සාකච්ඡාවක ප්‍රථිපලයක්‌ ලෙස මින්‌ ඉදිරියට නිකුත්‌ කරනු ලබන ගෑස්‌ වල ප්‍රමාණවත්‌ ඊතයිල්‌ මර්කැප්ටන්‌ රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන්‌ යුතුව ඇතුලත්‌ කිරිමට අදාල සමාගම්‌ විසින්‌ පියවර ගෙන ඇත.

ඒ අනුව මින්‌ ඉදිරියට තම ගෑස්‌ සිලින්ඩරයෙහි ගෑස්‌ කාන්දුවක්‌ ඇතිවුවහොත්‌ ඒ බව පාර්භෝගිකයාට පහසුවෙන්‌ හදුනා ගැනිමට හැකිවනු ඇත. වාර්තාවු සිදුවිම්වලට අදාල ගෑස්‌ කාන්දුවීම්‌ වලදි මෙම ගන්ධය නිකුත්‌ නොවීම නිසා පාරිභෝගිකයින්‌ විසින්‌ නොයෙකුත්‌ අනාරක්ෂිත ක්‍රම ඔස්සේ ගෑස්‌ සිලින්ඩර චල කාන්දුචීම්‌ පරික්ෂා කිරිමට යාමෙන්‌ මින්‌ ඉදිරියට වලකින ලෙසද කමිටුව මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

තවද වාර්තා චු සිදුවීම්‌ වලට හේතු චී ඇති දෙවන කාරණය ලෙස කමිටුව විසින්‌ හදුනා ගත්‌ තත්වයෙන්‌ බාල සහ නියමිත කාලය ඉකුත්වු රෙගියුලේටර්‌, ගෑස්‌ සැපයුම්‌ නළ, හෝස්‌ ක්ලිප්‌ හා දිරාපත්වු උදුන්‌ භාවිතය පිලිබදවද මහජනතාවගේ දැඩි අවධානය නැවත යොමුකරවනු ලැබේ.

දෛනිකව චාර්තා චන සිදුවීම්‌ සංඛ්‍යාව සැලකියයුතු ලෙස පහල බැසිමට හේතුව චිවිධ දැනුවත්‌ කිරිම්වල ප්‍රථිපලයක්‌ ලෙස බොහෝ පාරිභෝගික ජනතාව ඉහත උපාංග නිසි ප්‍රමිතියෙන්‌ යුතු ඒවා බවට තහවුරු කර ගැනිම සහ දුර්වල උපාංග භාවිතයෙන්‌ ඉවත්‌ කිරිම බව කමිටුව නිරික්ෂණය කර ඇත.

මේ අනුව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මගින්‌ නිකුත්‌ කර ඇති ප්‍රමිතීන්ට අනුකූල උපාංග මිළදි ගැනිමටත්‌ විශේෂයෙන්ම ගෑස්‌ උදුන්‌ මිළදි ගැනිමේදි පිළිගත්‌, වගකීමක්‌ සභිත ආයතනවලින්‌ ගුණාත්මක භාවයෙන්‌ යුතු හා ආරක්ෂිත ගෑස්‌ උදුන්‌ මිළදි ගැනිමට යොමුවන ලෙසත්‌ මේ පිළිබදව මෙතෙක්‌ අවධානය යොමු නොකල අනෙකුත්‌ සියළු පාරිභෝගික ජනතාවගෙන්‌ කමිටුව ඉල්ලා සිටිනු ලැබේ.

පසුගිය කාලසීමාව තුල චාර්තා වු සිදුවීම්‌ වලට පාරිභෝගිකයා වෙත නිකුත්‌ කර ඇති ගෑස්වල සංයුතියේ යම්‌ වෙනස්වීමක්‌ බලපෑවේද යන කාරණය පිළිබදව තවදුරටත්‌ විද්‍යාත්මක අධ්‍යනයන්‌ සිදු කෙරෙමින්‌ පවතින අතර පෙර තිබු තත්වයෙන්‌ යුතු ගෑස්‌ පරිභෝගිකයා වෙත ලබාදිමට නව ක්‍රමවේදයක්‌ කමිටුව චිසින්‌ නිර්දේශ කර ඇත.

පසුගිය වසර 02 ක කාලය තුල මෙරටට ආනයනය කරන ලද ගෑස්වල සංයුතිය සහ වාෂ්ප පීඩනය යන දත්තයන්‌ අධ්‍යනය කිරිමෙන්‌ පසු කමිටුව විසින්‌ මෙම නිගමනයන්ට එළඹි අතර නව ක්‍රමවේදය යටතේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය භා ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය එකතුව සිදුකරන ගුණාත්මක ඇගයිමකින්‌ පසු පහසුවෙන්‌ හදුනාගත හැකි විශේෂිත මුද්‍රාවක්‌ සහිත ගෑස්‌ සිලින්ඩරයක්‌ වෙළඳපොලට නිකුත්‌ කරනු ඇත.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්