නවතම පුවත්

ඉන්දියානු ‘සේද උළෙල’ ලංකාවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු සිල්ක් අපනයන ප්‍රවර්ධන කවුන්සිලය (ISEPC) කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව සංවිධානය කරන ලද මහා සිල්ක් ප්‍රදර්ශනය සහ ඉන්දියාවේ නිෂ්පාදිත සිල්ක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ හමුව 2022 ජනවාරි 6 වන දින කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණ.

මෙම ප්‍රදර්ශනය සහ හමුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් විවෘත කරන ලදී. මෙම වැඩසටහන අතරතුරදී ඉන්දීය සිල්ක් අපනයනකරුවන් 30කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ විභව ගැනුම්කරුවන් 200කට අධික පිරිසක් සමඟ ඵලදායි සාකච්ඡාවන්හි නිරත වූහ. සිල්ක් රෙදි වර්ග, සාරි, විලාසිතාංග, නිවෙස් අලංකරණ නිෂ්පාදන, ඉතා කුඩා කාපට්, බිත්ති සැරසිලි, සිල්ක් මත කරන ලද බතික් නිර්මාණ, ජූට් සහ වූල් මිශ්‍ර සිල්ක් නිෂ්පාදන යනාදිය සහ උතුරු නැගෙනහිර ප්‍රාන්තයන් හි ගෝත්‍රික ගෙත්තම් සහ උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, චට්ටිස්ගාර්, බිහාර් සහ ජම්මු සහ කාශ්මීරයේ GI නිෂ්පාදන යනාදිය ප්‍රදර්ශනයට එක් කර තිබිණ. බතික්, පේෂකර්ම සහ දේශීය රෙදි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට එක් විය.

විකසනය වෙමින් පවතින ඉන්දීය ව්‍යවාසකත්ව කළඹ නිරූපණය කරමින් කාන්තා සහ තරුණ සිල්ක් විකුණුම්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ද මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ. මෙම විකුණුම්කරුවන්ගේ නවෝත්පාදන ඉන්දියාවේ සම්ප්‍රදායික උරුමයට නව මානයන් එක් කරමින් ලෝකය තුළ ඉන්දීය සිල්ක් නිෂ්පාදනයන්හි තරඟකාරීත්වය ඉහළ නංවයි.

ඉන්දීය මහ කොමසාරිස්තුමා දැඩි උනන්දුවකින් පසු වූ ශ්‍රී ලාංකික විකුණුම්කරුවන් සමඟ කතාබහෙහි නිරත වූ අතර තාක්ෂණය සහ කුසලතා සඳහා දිගුකාලීන සහයෝගීතාවයන් වෙනුවෙන් අවස්ථාවන් සොයා බලන ලෙස සංවිධායකයන් සහ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන්නන් දිරිමත් කළේය. ඒ හරහා අප දෙරටට පොදු උරුමයෙන් සහ ප්‍රවීණත්වයෙන් ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට ප්‍රයෝජන ලබාගත හැකි බව එතුමා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව ඉන්දියානු සිල්ක් අපනයන ප්‍රවර්ධන කවුන්සිලය ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සමඟ සිල්ක් රෙදි සහ සිල්ක් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන යන ක්ෂේත්‍රය තුළ සමීප සහයෝගීතාවය සහ ආයෝජන, වෙළඳ, ගුණාත්මක ප්‍රමිතිය, තාක්ෂණය සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම, වෙළඳපොළ දැනීම සහ ආර්ථික සහයෝගීතාවය සඳහා සහ තොරතුරු බෙදාහදා ගැනීම වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය. මෙම ගිවිසුම දෙරට අතර සමීප වාණිජ සබඳතා සහ රෙදිපිළි ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සඳහා දායකත්වය ලබා දෙනු ඇති බවට ඉන්දීය මහ කොමසාරිස්තුමා විශ්වාසය පළ කළේය.

. ඉන්දියාව ලොව දෙවන විශාලතම සිල්ක් නිෂ්පාදන රට වන අතර මල්බෙරි, ටසාර් (නිවර්තන ටසාර්, ඕක් ටසාර්), එරි සහ මුගා යන වාණිජ සිල්ක් වර්ග හතරම නිෂ්පාදනය කරන එකම රට ද වේ. 2021 අප්‍රේල් – ඔක්තෝබර් කාලසීමාව තුළ සිල්ක් සහ සිල්ක් නිෂ්පාදන අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 200.45ක් වූ අතර එය 2020 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව (ඇමරිකානු ඩොලර් මිලියන 123.74) 61.99%ක වර්ධනයකි. සිල්ක් නිමි රෙදි අපනයන වටිනාකමින් වැඩිම කොටසකට දායකත්වය ලබා දුන් අතර එය 2021 අප්‍රේල් – ඔක්තෝබර් සහ 2020 වසරේ එම කාලසීමාවේ දී පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 80.45ක් සහ 43.00ක් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්