නවතම පුවත්

ආහාර උද්ධමනයෙන් , ශ්‍රී ලංකාව ලෝකෙන්ම 12වන තැනට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ඊට අදාලව නිකුත් කල නවතම ජාත්‍යන්තර වාර්තාවක දැක්වේ .

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 ක් ලෙසින් වාර්තා වේ. එය 2021 නොවැම්බර් මාසයේ දී දැක්වුණේ සියයට 16.9 ක් ලෙසිනි.

පහතින් දැක්වෙන්නේ ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් හි ලැයිස්තුවයි. ඊට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 12 වැනි තැනය.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් වෙනිසියුලාව, ලෙබනන්, සුරිනාම්, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටිය වේ. ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ ලෙබනනය, ඉරානය හා සිරියාව පමණි.

උද්ධමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයක් පහතින් දැක්වේ.

2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 7.0 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 14.0 දක්වා ඉහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.0 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 16.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය.

2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.68ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 3.0කින් සහ සියයට 0.68කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. . ඒ අනුව, 2021 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල් සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (මත්පැන්, බුලත්) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.8හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 10.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.0හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්