නවතම පුවත්

ආර්ථිකය හරිමඟට ගන්න ඉක්මන් පියවර 5ක් ගැන ජනපතිට දන්වයි

අසංක

අසංක

රටේ ආර්ථිකය නිවැරදි දිිශාවකට ගැනීම උදෙසා කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ඉදිරිපත් කර තිබේ.

උද්ගත ව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුව මාර්තු 15 වන දා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබී ය.

එහිදී කරුණු දක්වමින් අදාළ කමිටුව වැඩිදුරටත් පවසා ඇත්තේ ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව ය.

ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදු ව තිබේ. විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ ය.

මුහුණ දීමට ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයකදී මඟහරවා ගත හැකි බව උපදේශක කමිටුව විශ්වාසය පළ කරයි.

ඔවුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද කඩිනමින් ක්‍රියාතත්මක කළ යුතු යෝජනා මෙසේය.

  1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහා ම පත් කිරීම.
  2. මූල්‍ය උපදේශකයෙකු වහා ම පත් කිරීම සහ නීති උපදේශකයෙකු පත් කිරීමට පියවර ගැනීම.
  3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතු ය.
  4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
  5. සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්