නවතම පුවත්

ජනතාව දැඩි පීඩනයක ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවෙලා අස්ගිරි මහ නාහිමි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනතාව දැඩිපීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිද භාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤානරතන නාහිමියෝ පැවැසූහ.

මහා නායක හිමියන් ඒ බව අවධාරණය කර සිටියේ රජයේ හවුල්කාර පක්ෂ 11ක සාමාජිකයෝ අද (24දා) උන් වහන්සේ බැහැදැක  මුළු රටම හරිමගට නම් ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය . එහිදී මහා නා හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසීය.

රටේ නායකයන් සියල්ලට ප්‍රථමයෙන් සිතිය යුත්තේ රට ගැනයි . ජනතාව ගැනයි . මොනව කරන්නත් අපිට රටක් තිබිය යුතුයි . අද මේ රටේ ජනතාවට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා . මෙහෙම ගියොත් රටත් විකුණයි ද කියන සැකය ජනතාවට මතුවෙලා තිබෙනවා යැයිද මහනාහිමියන් පැවසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි