නවතම පුවත්

අන්තර් පාලනයක් සඳහා පක්‍ෂ රැසකින් යෝජනා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වත්මන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා කඩිනමින් අන්තර් කාලීන පාලන තන්ත්‍රයක් පිහිටුවන ලෙස ආණ්ඩුවේ පක්‍ෂ දහය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (1) අවධාරණය කළහ .

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ , වර්තමාන කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බවත් කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත්ය .

පක්‍ෂ දහය එකමුතුව හැටියට ජනාධිපතිවරයා පත්කළ අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හැර පාර්ලිමේන්තුව නියෝජනට කරන පක්‍ෂ සමඟ සාකච්ඡා කර අන්තර්කාලීන පාලනයක් පිහිටුවිය යුතු බවත් එම පක්‍ෂ සමඟ එකඟත්වයකින් එම සෑම පක්‍ෂයක්ම නියෝජනය වන ආකාරයට අදහස්වලට ඇහුම්කම් දී, ගරුකළ යුතු බවත් එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

එම අන්තර්කාලීන පාලනය අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගෙන ස්ථාවර මට්ටමකට පැමිණි පසු හැකි ඉක්මණින් මහ මැතිවරණයක් මේ රටේ පොදු ජනතාවට ලබාදිය යුතු බව කී වීරවංශ මහතා වර්තමාන අර්බුදය හමුවේ කැකෑරෙන මිනිසුන්ට සහනශීලි බලාපොරොත්තුවක් දිය හැක්කේ මෙවැනි ව්‍යවස්ථානුකූල පියවරකින් පමණක් බව ද සඳහන් කළේය.

එසේ නොකර පොඩි පොඩි දේවල්වලින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය සහ අප්‍රසාදය වෙනස් කළ නොහැකි බව ද වීරවංශ මහතා වැඩි දුරටත් කීය.

ආණ්ඩුවේ පක්‍ෂ දහයේ නියෝජිතයන්ගේ සභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී අද (1) පස්වරුවේ පැවැත්විණි.

එම මාධ්‍ය හමුවට විජය ධරණි ජාතික සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ සහ පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මේ අතර රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි බවට රටේ බහුතර ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එනිසා භාරකාර ආණ්ඩුවකට රට බාර දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රීලනිපය අවධාරණය කර ඇත .

වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිප නායකයන්ගේ හදිසි හමුවක් අද පැවැත්විණි. මෙම හමුව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිප ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

මීට පෙර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකල බවත්, ඊට අමතරව සර්ව පාක්ෂික සමුළුවේදී යෝජනා 22 ක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා ආණ්ඩුවේ නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

මෙම තත්වය හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට තීරණයක් ගැනීමට සිදුවන බවද ශ්‍රීලනිප ලේකම්වරයා සඳහන් කර සිටී .

එසේම භාරකාර ආණ්ඩුවකට රට බාර දී අර්බුද විසඳීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, ඊට ආණ්ඩුවේ නායකයන් එකඟ නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හෝ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කරන බවත් ඔහු අවධාරණය කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්