නවතම පුවත්

අරගලයට අරමුණක් සැපයීම සඳහා යෝජනා 5ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නායකත්වයක් නැති, නිශ්චිත අරමුණක් නැති අරගල අතිශයින් භයානක වන බවත් ඒ අනුව මෙරට දැනට මතුව ඇති අරගලයන් නිශ්චිත අරමුණක් හා දිශානතියක් ඔස්සේ ඉදිරියට යාම අතිශයෙන් වැදගත් වන බවත් Urban Citizens සංවිධානයේ සභාපතිනී ශර්මිලා ගෝනවෙල මහත්මිය අවධාරණය කර සිටී .

ඒ අනුව වත්මන් ජන අරගලයට අරමුණක් සැපයීම සඳහා තම සංවිධානය නිශ්චිත යෝජනා පහක් ඉදිරිපත් කර සිටින බවද පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසීය .

එම යෝජනා පහත දැක්වේ ,


1.) රට තුල මූල්‍ය විනයක් ඇති කළ යුතුය.

2) දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තීන් ඇතිකර යුතුය.

3)විධායකයට හා ව්‍යවස්ථාදායකයට ලබා දෙන විශේෂ වරදාන වරප්‍රසාද අහෝසි කළ යුතුය

4) දේශපාලන පක්ෂයන් විගණනයට ලක් කළ යුතුය

5) 2004 වසරේ රටක් ලෙස අප විසින් අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී යෝජනාව අප රට තුළ අවශ්‍ය නීතිරීති සම්පාදනය කරමින් බලාත්මක කල යුතුය .

Download gonawela images for free

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශර්මිලා ගෝනවෙල මහත්මිය මෙසේද පැවසීය ,

“ජනතාව තමන්ට පෞද්ගලිකව බලපාන, තමන් පීඩාවට පත්කරන හේතුකාරණා සඳහා තමන් පත්කර ගන්නා ලද දේශපාලන නායකයන් විසඳුම් ලබාදීමට අපොහොසත් වීම නිසා ස්වකැමැත්තෙන් අවිහිංසාවාදී ජන අරගලයක් ජනතාව විසින් ආරම්භ කර ඇති අතර ඒතුල පටු අරමුණු සඳහා ඇතැම් දේශපාලන පක්ෂයන් ක්‍රියාකරන ආකාරය දැකගත හැකිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් නළු නිළියන් ගායක ගායිකාවන් සමඟ ඉහළ මධ්‍යම පාන්තිකයන් බෝඩ් අතැතිව මෙම අරගලයට සහභාගී වෙන ආකාරයද දැක ගත හැක.

නායකත්වයක් නැති, සැඟවුන නායකත්වයක් ඇති අරගල අතිශයින් භයානකය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීමට අරගල කිරීමට අපට අයිතියක් ඇත. මා දන්නා ආකාරයට සහ මා විශ්වාස කරන ආකාරයට අරගලයක් අවසන් වන ක්‍රම දෙකක් ඇත එනම්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හා අවි අරගල හරහායි .

අපගේ නියෝජිතයන් ලෙස ව්‍යවස්ථාදායකයට පත්වන සියල්ලම පොදු ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට බැඳී සිටියත් වර්තමානයේ ජනතාව හඬ නගන කිසිදු ප්‍රශ්නයකට පාර්ලිමේන්තුව තුල හෝ ඉන් පිටතදි විසඳුම් ඉදිරිපත් කරනවා අපට ඇසෙන්නට නොලැබෙයි.

අරගලයකට අවශ්‍ය මනෝමූල මූල සාධක කරුණු හා විෂය මූල කරුණු සියල්ල වර්තමානයේ ඉන්ධන, ගෑස්, විදුලිය, ජීවන වියදම ආදී තත්ත්වයන් මත නිර්මාණය වී ඇත .

සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් ඉදිරිපත් කරන ඉල්ලීම් දකින විට මෙම ජන අරගලයට තුඩු දුන් මනෝමූල තත්වයන් හා විෂයමූල තත්වයන් වෙනස් වීමට පෙර ජනතාව පාරට බස්සවා යම් අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කණ්ඩායම් සිටිනා බව පැහැදිලිය .

ජනාධිපති, අගමැති, රජය ඉල්ලා අස් වුණා යැයි සිතමු එවිට සේනාධි නායකයෙක් නොමැති මෙරට ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කවුරුන් විසින්ද ? මෙවැනි තත්වයකදී ඕනෑම කණ්ඩායමකට අවි අතට ගැනීමට බාධාවක් නැත.

අප අමතක නොකළ යුතු යමක් ඇත ඉතිහාසයේ කුඩා කඩදාසි තුන්ඩුවකට කඩ වහපු යුගයක් මේ රටේ තිබුනු බවත් රූපවාහිනිය හා ගුවන්විදුලිය දාන්න නොදුන්නු යුගයක් මේ රටේ තිබුණු බවත් අමතක නොකලයුතුය.

අප කරන කුමන හෝ අරගලයකට අරමුණක් තිබිය යුතුය . අප දිනා ගන්න අපේක්ෂා කරන්නේ මොනවාද? ඒ ඉල්ලීම් නීත්‍යානුකූල රජයකින් මිස මහ පාරේ අරගලයකින් පමනක්ම දිනා ගැනිමට හැකිද?

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්