ජාත්‍යන්තර අරමුදල යනු යක්ෂයෙකු නොවන බවත් , ඉන්දියාවෙන් ණයට ගැනීම ජාත්‍යන්තර අරමුදලෙන් ණයට ගැනීමට වඩා බෙහෙවින් භයානක බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අවධාරණය කර සිටී .
කාලිංග මාඝ ආක්රමණයේ සිටම , සියවස් ගණනාවක් පුරා ඉන්දියාව ශ්‍රී ලංකාවට විවිධාකාරයේ විනාශයන් අත්කර දී ඇති බවද විජේසිංහ මහතා ඊයේ පස්වරුවේ කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය .
“අරගලයට අරමුණක්” යන මැයෙන් Urban Citizens සංවිධානය පැවත්වූ විශේෂ වැඩසටහනට සමගාමීව පැවති මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් විජේසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය ,
ජාත්‍යන්තර අරමුදලට ගියා කියල මේ වලවේ අප මුහුණදෙන සියලු ගැටළු විසඳෙන්නේ නැහැ , නමුත් අපිට මේ වෙලාවේ වෙන යන්න තැනකුත් නැහැ. රට දැන් බංකොලොත් වෙලා ඉවරයි . මේක ගොඩගන්න දැන් ලේසි නැහැ . දැන් හෝ නිවැරදි තීරණ නොගතහොත් පවතින මූල්‍ය අර්බුදයේ බලපෑම තවත් වසර 15කින් වත් අවසන් නොවේවි .
රට දැනටමත් ඩොලර් බිලියන 52ක් ණයයි . නමුත් වත්කම් ඇත්තේ බිලියන 5කටත් අඩුවෙන් . දැන් අපිට විකුනන්න දෙයක් ඉතුරුවෙලත් නැහැ , දැන් ඉතින් පටි තදකරගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ . බෙහෙත් හැර අනිත් සියලු ආනයන සීමා කරන්න වෙනවා.
මේ රටේ දේශපාලකයින් වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි රටට මේ තත්වය උදාවුනේ , තවමත් පාර්ලිමේන්තුව තුල මේ අර්බුදය ගැන නිසි ලෙස සාකච්ජා කෙරෙන්නේ නැහැ . ඔවුන් කතාකරන්නේ තම බලය රැකගැනීම හෝ බලයට පත්වීම ගැන පමණයි . අපි විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා , එය ගෙවා අවසන් කරන්න වසර 40ක් වත් යාවි . නමුත් ගත්තු ණය වලින් 10% ක්වත් වත්කම් උත්පාදනයට යොමුකර නැහැ . ඉතිරි සියලුම මුදල් කොමිස් ගහලා , නාස්ති කරලා , කාලා බීල ඉවරකරගෙන .
කොළඹ රමාඩා හෝටලයේ පවතී මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ Urban Citizens සංවිධානයේ සභාපතිනී ශර්මිලා ගෝනවෙල මහත්මිය පැවසුවේ මෙවැන්නකි ,
අප කරන කුමන හෝ අරගලයකට අරමුණක් තිබිය යුතුයි . අප දිනා ගන්න, අපේක්ෂා කරන්නේ මොනවාද? ඒ ඉල්ලීම් නීත්‍යානුකූල රජයකින් මිස මහ පාරේ අරගලයකින් පමනක්ම දිනා ගැනිමට හැකිද? මේවා ගැන අපි නැවත සිතා බැලිය යුතුයි .
අරගලයේ ජයග්‍රහණය විය යුත්තේ මේ රට ගොඩනැගීමට අනාගතයේ පත්වන කාටවුවත් අවශ්‍ය වන පසුබිම සකස් කිරීමයි. ඒ සදහා අප එකින් එක ඉල්ලීම් දිනාගත යුතුයිමේ අවස්ථාවේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩගැනීම සඳහා නිශ්චිත හා හදිසි පියවරයන් ගත යුතුව තිබෙනවා . ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කල යුතුව තිබෙනවා . එම ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට යම් දායකත්වයක් ලබාදීමයි අපගේ අරමුණ . මෙහිදී අප කරුණු රැසක් පිළිබඳව සාකච්ජා කළා . එම කරුණු ඉල්ලීම් ලෙස අදාළ වගකිවයුත්තන් වෙත යොමු කිරීමට අප සැලසුම් කර තිබෙනවා . රටේ මූල්‍ය විනයක් ඇති කිරිම, රටට ,.දීර්ඝ කාලීන ජාතික ප්රතිපත්තීන් හදුන්වා දීම මෙම ඉල්ලෙම් අතර ප්‍රධානයි .
එසේම විධායකයට හා ව්යවස්ථාදායකයලබා දෙන විශේෂ වරදාන වරප්‍රසාද අහෝසි කිරීම., දේශපාලන පක්ෂයන් විගණනයට ලක් කිරිම., 2004 වසරේ රටක් ලෙස අප විසින් අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී යෝජනාව අප රට තුළ අවශ්‍ය නීතිරීති සම්පාදනය කරමින් බලාත්මක කිරීම. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරිම.අපගේ අනෙකුත් ඉල්ලීම් අතර මූලික වෙනවා.
රට වෙනුවෙන් මෙම ඉල්ලීම් දිනාගැනීම අපේ අරමුනයි . ඒ සඳහා රටේ උගත් බුද්ධිමත් , පිරිස් එකතු කරගෙන නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් , වැඩපිළිවෙලක් සැකසීමට අපි පියවර ගන්නවා . එහි මූලික පියවර තමයි අද මෙලෙස පැවැත්වුනේ .
මෙම නව ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ වැඩසටහන සඳහා ,මෙරට උගතුන් , බුද්ධිමතුන් වෘත්තිකයින් , විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ ,