නවතම පුවත්

ශ්‍රී ලංකාවට එළවළු, පළතුරු අපනයන ආදායමත් අහිමි වෙයිද?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපනයන ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වීම සහ ආසියාවේ වෙනත් රටවල් කිහිපයක් තරගකාරීව වෙළෙඳපොල වෙත ඉදිරිපත්වීම නිසා ඉදිරියේ දී මෙරටට ඇති පළතුරු සහ එළවළු අපනයන ඉල්ලුම අහිමිවී යාමේ අවදානමක් මතුවෙමින් ඇතැයි අපනයනකරුවෝ අනතුරු අඟවති .

දැනට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, අපනයනය සඳහා අවශ්‍ය පළතුරු සහ එළවළු වර්ගවල මිල අධිකවීම නිසා ඒවා සොයාගැනීම ගැටළුවක් වීම මීට හේතුව වී ඇති බවද ඔවුහු පවසති .

ඒ අනුව කෙසෙල්, අන්නාසි, පේර, ගස්ලබු, කොමඩු, අඹ යන පළතුරු අපනයනය සඳහා ඇති ඉල්ලුම ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාමේ විශාල ඉඩක් මතුව ඇතැයි අපනයනකරුවෝ පවසති.

මාලදිවයින, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, නේපාලය, චීනය, පාකිස්ථානය, බංගලාදේශය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට අයත්ව තිබූ පළතුරු සහ එළවළු අපනයනය වෙළඳපොළ නතුකර ගනිමින් සිටින බව ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී ශ්‍රී ලංකා පළතුරු සහ එළවළු සැකසුම් අපනයන සංගමයේ සභාපති ජගත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, වැඩිම ඉල්ලුමක් එළවළුවලට වඩා පළතුරුවලට ඇති බැවින් ඒවා සොයාගැනීම අපහසුව ඇති බවයි.

පවතින මිල ගණන් අධිකවීම නිසා අපනයන ක්‍රියාවලිය ද අඩපණ වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පළතුරු සඳහා අධික ඉල්ලුමක් පවතින්නේ මැදපෙරදිග රටවලට බැවින් එම ඉල්ලුම සපුරාලීමට නොහැකිවීමෙන් එම රටවල් එළවළු සහ පළතුරු අපනයනය කරන වෙනත් රටවල් වෙත නැඹුරුවීමේ ඉඩක් පවතින බව අපයනයනකරුවෝ පවසති.

තම සංගමයේ සාමාජිකයින් 65 දෙනෙකු අපනයන කටයුතු කරන බවත්, පවතින දුෂ්කරතාවය හමුවේ වුව ද අපනයනය කිරීමේ ප්‍රයත්නයක නිරතව සිටින බවත් ජගත් ප්‍රනාන්දු සඳහන් කර සිටී .

ශ්‍රී ලංකා පළතුරු සහ එළවළු සැකසුම් අපනයන සංගමයේ මාධ්‍ය ප්‍රකාශිකා චරින්දි රණසිංහ ප්‍රකාශ කරන්නේ මේ වන විට නැව් ගාස්තු ද ඉහළ ගොස් ඇති නිසා අපනයනයට බාධා මතුව ඇති බව යි.

එහෙත් පළතුරු මිළ ඉහළයාමට මෙරට මතු වූ පොහොර ගැටලුව මෙතෙක් බලපෑමක් නොවූ අතර, එය එළබෙන මැයි මාසයේ ලැබෙන ඵලදාව මත රඳා පවතින බව ඇය සඳහන් කළා ය.

විදේශයන් සඳහා එළවළු සහ පළතුරු අපනයනය තුළින් ශ්‍රී ලංකාව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 80ත් 90ත් අතර විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි නමුත්, පසුගිය වසර තුළ දී එම ආදායම අඩුවී ඇති බව චරින්දි රණසිංහවැඩිදුරටත් සඳහන් කළා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්