නවතම පුවත්

අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (8) රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව අනාවරණය වෙයි.

නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමෙන් අනතුරුව කොළඹට පැමිණි අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා හෙට (9) අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිත අතර එහිදී පාක්ෂිකයින් හමුවේ මේ බව ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පරණ වීඩියෝවක් එක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති ධූරය මහ ලොකු දෙයක් නොවන බවත්, තමන් සැමදා ‘මහින්ද රාජපක්ෂ’ බවත් ප්‍රකාශ කළ කතාවක් උඩුගත කර තිබේ.
ශ්‍රී ලංකාවේ අවස්ථා දෙකක් ජනපති පදවියටත් අවස්ථා 3 ක් අගමැති පදවියටත් පවත්ව ඇති මහින්ද රාජපක්ෂ සිය දීර්ඝ දේශපාලන පරිච්ඡේදය අවසන් කරන්නේ ඔහු අපේක්ෂා නොකළ මොහොතක අපේක්ෂා නොකළ ආකාරයකටය.
‘මයිනාගෝගම’ පිහිටුවමින් මාසයකට ආසන්න කාලයක් තරුණ පරපුර සිදුකළ අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි.

හිස්වන අගමැති අසුන දින 3 ක් ඇතුළත පුරවනු ඇතැයිද ඒ සදහා හෙටින් ඇරඹෙන සතියේ සිද්ධවිය හැකි අන්තර්පාලන දේශපාලන පක්ෂ තීන්දුවක් ගනු ඇතැයිද පැවසේ. බහුතර කන්ඩායමක් සමග පැමිණෙන නායකයා අගමැති ලෙස පිලිගන්නට ජනපති මින් ඉහත කැමැත්ත පළ කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්