BREAKING NEWS


Share now!

(දම්පත් රණසිංහ)

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියශාත් සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමෙන් අනතුරුවය.

ඒ අනුව මේ වන විට අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ මොරටුව නගර සභාවේ සේවකයින් දෙදෙනෙක් සිටිති.