නවතම පුවත්

මෙරට වැටුප් ලබන්නන්ගෙන් 60%කටම කොවිඩ් පළමු රැල්ලේදී පඩි කපලා

අසංක

අසංක

ශ්‍රී ලංකාවට බලපෑ ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් කොවිඩ්-19 පළමු රැල්ල තුළදී මෙරට වැටුප් ලබන සේවකයන්ගෙන් 60%ක් මෙම කාලය තුළ වැටුප් නොලැබීම හෝ සාමාන්‍ය වැටුපට වඩා අඩු වැටුපක් ලද බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මේ බව තහවුරු වී ඇත්තේ කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය මත ඇතිවූ බලපෑම පිළිබඳ ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ සමීක්ෂණයේදී ය.

2020 මාර්තු 20 වැනි දින සිට ආරම්භ වූ කොවිඩ් -19 වසංගතයේ පළමු රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැටුප් ලබන සේවකයන්ට, කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන ස්වයං රැකියාවන්හි නියුතුවූවන්ට හා ගෘහයන්ට ඇති වූ බලපෑම හඳුනාගැනීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ගෘහ සමීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

එහිදී වැටුප් ලබන සේවකයන්ට කොතරම් දුරට සේවා වියුක්තිය, ඌන සේවා නියුක්තිය හා වැටුප් අහිමිවීම් සිදුවුණිද යන්න මෙහිදී අනාවරණය වී ඇත.

සාමාන්‍ය පැය ගණනට වඩා අඩුවෙන් සේවයේ නියුක්ත වීම, තාවකාලිකව සේවයට වාර්තා නොකිරීම, රැකියාව අහිමි වීම හෝ රැකියාව හැරයාම මීට හේතූන් විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 පළමු රැල්ල පැවති කාලය තුළ කෘෂිකාර්මික අංශයේ ස්වයං රැකියාවන්හි නියුතුවූවන්ගෙන් 64%ක් සාමාන්‍ය පරිදි තම කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල නිරතව ඇත.

එමෙන්ම කාෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතුවල නිරතවූවන්ගෙන් 67%ක් ම, කෝවිඩ් -19 පළමු රැල්ල පැවැති කාලය තුළදී සිය මූලික කෘෂිකාර්මික නිෂ්පාදනය සාමාන්‍ය කාලවලට සමානවම හෝ ඊට වැඩි වී ඇති බව සඳහන් කර ඇත.

ඒ අනුව කෘෂිකාර්මික අංශයේ ස්වයං රැකියාවන්හි නියුතුවූවන්ගෙන් බහුතරයකට කොවිඩ්- 19 පළමු රැල්ල සමයේදී එතරම් අහිතකර බලපෑමක් ඇති වූ බව වාර්තා වී නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්