නවතම පුවත්

ශ්‍රී ලංකාවට තවත් ආධාර දෙන්න චීනය සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

.

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා සූදානම් බවට චීනය දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළමුව AIIB  සංවිධානය හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ව්‍යාපෘති සඳහා මුදල් ලබා දෙන බවට එකඟතාව පල කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පැවසූවේ.

ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට කඩිනමින් අත්සන් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර චීනය මෙරටට පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති සහල් තොගයේ පළමු කොටස ලබන 25 වනදා ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පැවසුවේ චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන රෙන්මින්බි මිලියන 500 ක වටිනාකමකින් යුත් සහල් තොගයේ පළමු කොටස රැගත් නෞකාව එලෙස ලබන 25 වනදා කොළඹ වරායට ලගාවනු ඇති බවයි. එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන 30 වනදා කොළඹ වරායට ලගා වනු ඇති බව ද චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා

චිනයෙන් පරිත්‍යාග කෙරෙන අදාළ සහල් තොගය මෙරටට ලැබෙන්නේ කොටස් හයක් ලෙසයි. ඒ අනුව ඉතිරි කොටස් 04 පසුව මෙරටට රැගෙන එනු ඇති.

මීට අමතරව මෙරට පාසැල් ආහාර වැඩසටහන යටතේ දිවයින පුරා තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා සහල් මෙටි්‍රක් ටොන් 10,000 ක් බෙදාදීමට ද කටයුතු කරන බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්