නවතම පුවත්

පාසල් පවත්වන්නේ සතියට දින තුනයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන සඳුදා සිට ජූලි 01 වෙනිදා දක්වා වන සතිය තුල පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද සාකච්ජාවකින් පසු ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03 ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙ.ව 07.30 සිට ප.ව 01.30 දක්වා පැවැත්විය යුතු බවත් මෙම පාසල් වලද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබදව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමිවේ.

එමෙන්ම පසුගිය සතියේ ග්‍රාමීය පාසල් වල පාසල් පැවත්වූ ආකාරයට සිසුනට සහ ගුරුවරුනට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදී පැවැත්වීය යුතු අතර, මෙම පාසල් වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩු වලින් නිදහස් කර නම්‍යශීලී කාල සටහන් සකස් කෙරේ.

සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ග ගත ඉගැන්වීම/වැඩ පැවරුම්/නිවෙස් පාදක ක්‍රියාකාරකම් මඟින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගනු ලබන අතර ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට කටයුතු කෙරේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි