නවතම පුවත්

රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අගමැතිගෙන් පැහැදිලි කිරීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉහළ යන උද්ධමනය කළමණාකරණය කිරීම සදහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ මුල සිට නතර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැට් සංශෝධනයේ ආදායම අගෝස්තු මාසයේ අපේක්‍ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රජයේ ආයතනවල ආදායම මාධ්‍ය ආයතනවල ආදායමට වඩා අඩු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ලබන මස අග වනවිට සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමටයි අග්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරන්නේ.

ජූලි 10 වනදා වනවිට පෙට්‍රල් නෞකාවක් මෙරටට ලබාගැනීමට උත්සාහ කරන බව ඔහු සදහන් කළා. ලබන මස මුල් කාලයේ ඩීසල් නෞකාවක් ලැබීමට නියමිත බවද හිටපු අමාත්‍ය සාගල රත්නායක එහිදී සදහන් කළා.

ඉකුත් වසරේ අග භාගයේ දින 70 ක පමණ කාලයක් මෙරට මුහුදේ තිබූ ඉන්ධන නෞකාවක් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් දිවයිනෙන් ගිය බවද හිටපු අමාත්‍ය සාගල රත්නායක එහිදී ප්‍රකාශ කළා. ණයවර ලිපිවලට අදාළ මෙරට රාජ්‍ය බැංකු සදහා ගෙවීමට ඇති මුළු මුදල ඩොලර් මිලියනයකට ආසන්න වනවා. ඊට අමතර ඛනිජ තෙල් සංස්ථාව ගෙවීමට ඇති මුදල ඩොලර් බිලියන 3 යි දශම 2 ක්.

මේ වන විට රට තුළ පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍ය සාගල රත්නායක ප්‍රවෘත්ති ප්‍රධානීන් එහිදී දැනුවත් කළා. ඒ අනුව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 11,000 ක්, පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 5,000 ක්, දැවි තෙල් මෙට්ට්‍රික් ටොන් 30,000 ක් සහ භූමිතල් හා ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 800 ක් පමණක් තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38,000 ක් ලබාගැනීමට අද ඇණවුම් කළ බවද හිටපු අමාත්‍ය සාගල රත්නායක එහිදී ප්‍රකාශ කළා.

ඉන්ධන නෞකා 4 ක් ලබාදෙන ලෙසට ඉන්දියාවෙන් ඉල්ලීම් කළද එක් නෞකාවක් පමණක් ලබාදීමට එකඟ වී තිබෙනවා.

එහිදී අදහස් පළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රජයට අවශ්‍ය වන්නේ කුමන හෝ මුදලකට ඉන්ධන ලබාගෙන ජනතාවට බෙදාදීම බවයි.
අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය ආර් එස් එච් සමරතුංග ද පවතින ආර්ථික තත්ත්වය පිළිබද එහිදී අදහස් පළ කළා. මේ වනවිට රට තුළ ප්‍රේෂණ ගලාඒමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු එහිදී සදහන් කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්