නවතම පුවත්

ජනපතිටත් ,අමාත්‍යාංශවලටත් මුදල් වෙන්වන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි හතළිස් හත් දහස් නවසිය හතළිස් තුනකින් වැඩිවී ඇත.

මෙම වසරට අදාළව පසුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත්කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම වූයේ රුපියල් දෙලක්ෂ හැත්තෑ නව දහස් හයසිය හතළිස් හතර කෝටි හැට පන් ලක්ෂ පනස් අට දහසකි.

සංශෝධන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම රුපියල් තුන්ලක්ෂ විසිහත් දහස් පන්සිය අසූ හත් කෝටි හැට පන්ලක්ෂ පනස් අට දහසක් දක්වා වැඩිවී ඇත.

මෙම සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සඳහා වෙන් කර ඇති මුදල රුපියල් එක් දහස් තුන්සිය හතළිස් හතර කෝටි පනස් එක් ලක්ෂයකි.

මුදල් අමාත්‍යාංශය සඳහා වෙන්කෙරෙන මුදල රුපියල් කෝටි හතළිස් හයදහස් හත්සිය විස්සකට අධික වන අතර රුපියල් කෝටි තිස් හත් දහස් හයසිය තිස්දෙකකට අධික මුදලක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇත.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි දෙදහස් එකසිය දහතුනකට ආසන්නය.

රුපියල් කෝටි විසිහතර දහස් අටසිය හතකට ආසන්න මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර රුපියල් කෝටි නවසිය තිස් හතකට අධික මුදලක් වෙළෙඳ අමාත්‍යාංයට වෙන් කර ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් දහස් හත්සිය දහයයකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි දහතුන් දහස් අටසිය පනස් හයකට අධික මුදලක් ද වෙන් කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි දෙදහස් හත්සිය හැට හතකට ආසන්න ය.

සංශෝධනය අනුව රුපියල් කෝටි දෙදහස් පන්සිය විස්සකට අධික මුදලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි විසි දහසකි.

විසර්ජන පනත අනුව වැඩිම මුදල වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටය. එම අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි හැත්තෑ තුන් දහස් හාරසිය හැට අටකට ආසන්න මුදලකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්